අත්අඩංගුවට ගන්නවා නම් දැනුම් දෙනවා – ගම්මන්පිලගේ රීට් පෙත්සමට නීතිපතිගෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකර ඇත.

කෙසේවෙතත් පසුගිය 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට එතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

පසුගිය අගෝස්තු මස 05 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් උදය ගම්මන්පිල මහතා, හිටපු නාවික හමුදාපතිවරයා LTTE සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරන ලදී.

එම ප්‍රකාශය පදනම් කරගෙන තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඔහුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ගම්මන්පිල මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව වග උත්තරකරුවන් විසින් ඇප රහිතව තමන්ව රිමාන්ඩ් භාරයට පත් කර ගැනීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන හෙයින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිතාවට ලක් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් සූදානම් වන බවද ගම්මන්පිල මහතා සිය පෙත්සම මඟින් පවසා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...