දකුණු අප්‍රිකානු ජනපති Ramaphosa සහ ජනපති අනුර අතර හමුවක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24 කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුව නිව්යෝර්ක් නුවර ONE Plazaහිදී එ.ජ. වේලාවෙන් (23) පස්වරුවේ පැවැත්වුණු බව ජානාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ බවත් , එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වූ බවත් සඳහන් වේ.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...