කොළඹ මහනගර සභාවේ බොරැල්ල කාර්යාලයේ සේවකයෙකු අත්අඩංගුවට: චෝදනාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :

වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කොළඹ මහනගර සභාවේ බොරැල්ල කාර්යාලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු බව කියන චෝදනාව මතයි.

රැදවුම් නියෝග ලබාගෙන ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ , බොරැල්ල සීවලි පාරේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.සැකකකරු බොරැල්ල කැම්බල් පිටිය පිටුපස ඇති කාර්යාලයේ සිට අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කර අළෙවි කිරිමේ ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය අනාවරණය කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කරුවන්ගෙන් සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන බව ද අනාවරණ වු බවත්, ඔහු සතුව තිබි අයිස් ග්‍රැම් 20කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත්, පොලීසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...