නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකාවේ HSBC සිල්ලර මෙහෙයුම් අත්පත් කරගැනීමට සූදානමින්

Date:

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු මෙහෙයුම් රුපියල් බිලියන 18 කට අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට අත්සන් කරන බව නිවේදනය කර තිබේ.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම අනාවරණය සිදුකර ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමිනි.

පෙරේදා (23) දිනයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ඊට අදාළ ගිවිසුම සඳහා ඊයේ (24) දිනයේ දී එළඹ ඇත.

මෙම ගිවිසුම 2026 පළමු භාගයේ දී අවසන් කිරීමට නියමිත බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමට අනුව HSBC ශ්‍රී ලංකාහි ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ගේ බැංකු කටයුතු, ක්‍රෙඩිට් කාඩ්, ගනුදෙනුකරුවන් 200,000කට ආසන්න පිරිසකගේ පුද්ගලික ණය සහ ගිණුම් ඊට අයත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...