කාන්තා ලෝක කුසලානය නෙළුම් කුළුණට සෙහ දේවි බාලිකාවට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 26, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වෙනුවෙන් එම කුසලානය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථා නෙළුම් කුළුණ සහ කොළඹ දේවි බාලිකාව පදනම් කරගෙන ක්‍රියාත්මක විය.ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සිඳුවන මෙම ක්‍රියාවලියට ජාතික කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක්ව සිටිනු දකින්නට ලැබිණ.


නෙළුම් කුළුණ මේ වන විට නව පරිපාලනය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය දිනා ගැනීමේ නව සැළසුම් සමඟ ඉදිරියට දිවෙන මොහොතක ලෝක කුසලාන ප්‍රදර්ශනය සඳහා එම ස්ථානය යොදා ගැනීම ක්‍රිකට්වලට සීමා නොවුණු රටේ ආර්ථිකයට වැදගත් ආකර්ශණීය ක්‍රියාවකි.එසේම එහිදී මෙන්ම දේවි බාලිකා විද්‍යාලය තුළ දී ද අනාගත ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැදගත් වන පරපුරකට ලෝක කුසලානය සමඟ පෙනී සිට ඡායාරූප ගැනීමට ලැබුණු අවස්ථාවද අතිශයින් වැදගත්ය.


දිවයිනේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නගරයට වඩා ගමේ දස්කම්වලින් ආවරණය වී තිබෙන බවක් දැකිය හැකි අතර එය පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවටද ගමට යන්නට එලුණු පාවඩයක් බඳුය.ඒ නිසා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නැම්ම ගමෙන් නගරයට ගෙන ඒම සඳහා අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් ප්‍රකට පාසලක් වන දේවි බාලිකාව වැනි තැනකට ලෝක කුසලානය රැඟෙන යමින් ඇති කරන පිබිදීම ක්‍රිකට් කෙරෙහි වන ආකර්ශනය නව දිශානතියකට යොමු කළ හැකි මාර්ගයකට මුල් ගල් තැබීමක් ද විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...