විදර්ශන සාහිත්‍ය පිටිය හෙට කළුබෝවිල දී විවෘත වෙයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 26, කොළඹ LNW:

දැන් හැම දෙයක්ම ඒවාට අදාළ සංයමය සංස්කෘතිය පරයා වෙනත් උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන තත්ත්වයක රටේ සාහිත්‍යමය මංගල්ලය වශයෙන් ගැණෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයද සාහිත්‍යමය ස්වරූපයෙන් ගිලිහෙමින් ඇත.ව්‍යාපාරික බලයෙන් සාහිත්‍යයේ ආධිපත්‍ය්‍ය අත්පත් කර ගැනීමට සහ බලය පැතිරවීමේ තරග පිටියක් බවට පත් කර ගැනීමේ අවකාශය තුළ මෙවර ජාත්‍යන්තර සාහිත්‍ය කෘති සිංහල බසින් ලංකාවට විඳින්නට සැළස්විමේ පුරෝගාම කටයුත්තක නියැලි විදර්ශන පොත් ප්‍රකාශකයන්ට මේ දක්වා වෙන් වූ ඉඩ අඩු කර ඇත.


කාලයක සිට යම් යම් ඇගයීම් ලබන සාහිත්‍ය කෘති පළ කරන ප්‍රකාශකයන්ගෙන් බැහැරට මෙහි ආධිපත්‍යය උඳුරා ගනිමින් තිබෙන ස්වභාවය තුළ විදර්ශන ප්‍රකාශකයන් ඊට පිළිතුරු දෙමින්,ඊට පිළිතුරු දීමට ඇවැසි වෙනම මාර්ගයක් සහිත පිටියක් ඉදි කිරීමේ උවමනාව ඇතුව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙන සැප්තැම්බර් 27 වන දා සිට ඔක්තෝම්බර් 06 දක්වා සුවිශේෂි වට්ටම් සහිතව සාහිත්‍ය කෘති අලෙවියට සිය ව්‍යාපාරික ස්ථානය වූ අංක 33 පන්සල පාර කළුබෝවිල ස්ථානයේ පිහිටි විදර්ශන පොත් මැදුර විවෘතව තබන්නට තීරණය කර තිබෙනවා.සමහර විට දැනෙන ඉව සුවද අනුව ලබන වසර වන විට මේ උථ්සාහය ජාත්‍යන්තර පොත් සල්පිලක් තරමටස දුර යා හැකි එකමුතුවකට එකඟතාවයකට ගෙන ඒමට හැකි දක්ෂයෙක් විදිහට විදර්ශන හිමිකරු ජනකගේ මැදිහත්වීම දුර දිගට යා හැකියි.


ආදරය,ප්‍රේමය තවරපු,මානව සංවේදීතාවයට සමීපයෙන් ගරු කරන සාහිත්‍යමය ආවේශයක් විදිහට පැවතිය යුතු සාහිත්‍යමය උළෙලක ආධිපත්‍යය සාහිත්‍යය නොමැති ව්‍යාපාරයක් පමණක් ලෙස ගැනෙන ව්‍යහුයකදී වෙනස් ආකාරයේ අභියෝගවලට ජනක ඉණිමංකඩව ලක් කළ හැකි අවදානමද දැක හැඳිණ මේ අලුත් පියවර සාහිත්‍යමය වශයෙන් මේ පොළව ඉල්ලා සිටින දෙයක් වන නිසා හදවතින්ම ඊට සුබ පතනවා.ඊට සාහිත්‍යලෝලී රසිකත්වයට දිරි දෙන්න අගයන්න සුහද ආරාධනයක් ද එකතු කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල වනසන්න හැදු ත්‍රස්තයින් 100කට වැඩි කණ්ඩායමක් කොටු වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා...

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...