විපක්ෂයේ විශ්වාසභංග ප්‍රශ්නය: කථානායකටත් විශ්වාසභංගයක් ගෙන ඒමට සැරසෙයි!

කොළඹ LNW: වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණයක් කර ඇති බව සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එය නිසි අවස්ථාවේදී ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් කථානායකවරයා එම ධූරයට නොගැළපෙන අතර ඔහු ඔහු විසින්ම ස්ථාවර නියෝග පවා කඩකර තිබෙන බව අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

”ගරු නියෝජ්‍ය කථානයකතුමනි වර්තමාන කථානායකතුමා ගැන කණගාටුවෙන් කියන්න ඕනේ එතුමා මේ ධූරය දරන්න සුදුසුකම් නෑ. ඒ ධූරය දරන්න අවශ්‍ය කරන හික්මීම නෑ. අවශ්‍ය කරන අපක්ෂපාතීත්වය නෑ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අසුනට තියෙන ගෞරවය තියෙනවා. කථානායකකමට තියෙන ගෞරවය තියෙනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය තියෙනවා. හැබැයි ඔය මුලසුන දරන්නට එතුමාට සුදුසුකම් නෑ. ස්වාධීනත්වය නැතිකරන් තියෙනවා. එතුමා එතුමා විසින් ස්ථාවර නියෝග කඩකරලා තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි විපක්ෂය හැටියට කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව තීරණයක් අරන් තියෙනවා. එය නිසි අවස්ථාවේදී ඉදිරිපත් කරනවා කියන කාරණය කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...