වසන්ත, මහින්ද, රංජන් අත්අඩංගුවට ගන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අය අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (26) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් සිදු කළේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවයි.

නඩුව 2026 පෙබරවාරි 27 වනදා යළි කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...