බොරුව, වංචාව, මංමුලාව, රැවටිල්ල පරාජය කරන්න දැන් කාලය එළඹිලා – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අල්ලනවා සේම රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323 නිදහස් කළ පුද්ගලයන්වත් අනාවරණය කරන ලස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අවධාරණය කරයි.

මේ මොහොත වන විට සමාජයේ නිර්මාණය වී ඇත්තේ බොරු කියන ජනතාව රවටන ආණ්ඩුවක් බවත් මුසාවෙන් මුලාවෙන් ඇන්දවීමෙන් සිය ජීවය ප්‍රාණය ලබා ගන්නා බවත් පැය 24ම දිනපතා සතිපතා මාස්පතා දිගින් දිගටම බොරුව,රැවටිල්ල, මංමුලාව පමණක් ගෙන යමින් සිටින බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

මේ වන විට මත්ද්‍රව්‍ය ඇල්ලීම පිළිබඳ විශාල ප්‍රචාරයක් දියත් කර ඇති අන්දමින් ප්‍රශ්නගත කන්ටේනර් 323 නිදහස් වූ ආකාරය සහ එහි ති⁣බු දේවල් නිදහස් කිරීමට අවසර දුන් අය කවුද කියා රජය අනාවරණය කළ යුතු බවත් හෙතෙම පවසයි.

එම කන්ටේනර්වල මත්ද්‍රව්‍ය මත්කුඩු, අනවසර භාණ්ඩ, නීතිවිරෝධී භාණ්ඩ තිබුණේද කියා හෙළිදරව් කළ යුතු බවද ප්‍රේමදාස මහතා තවදුරටත් කියාසිටියි.

වසරක් රටට බොරු කළ මෙ රජයට ජනතා තීන්දුව දෙන කාලය එළැඹ ඇති බවත් පළාත් සභා මැතිවරණයේ දී බොරුව, වංචාව, මංමුලාව, රැවටිල්ල පරාජය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ මොරටුමුල්ල ඉදිබැද්ද ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයට නව සාමාජිකයන් එක් කර ගැනීමේ වැඩසටහන හා ජන හමුවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...