‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ : කසුන් පුස්සෙවෙලගේ නවතම කෘතිය අද එළිදකී

Date:

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත නවතම කෘතිය වන ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය එළිදැක්වීම සහ සහෘද කතිකාව 2025 සැප්තැම්බර් 28 වැනි දින සවස 03.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිනෙමා ලොන්ජ් හිදී පැවැත්වෙයි.

මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දුන්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු සංසිද්ධි රැසක් පාදක කරගනිමින් රචිත මෙම කෘතිය හා නීතිය ඉදිරියේ ඇති අභියෝගාත්මක ගැටලු ගැන ප්‍රමුඛ දෙසුම් සහ වින්දිත පාර්ශ්ව නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙහිදී කෙටි අදහස් දැක්වීම් සිදුකරනු ඇත.

කසුන් පුස්සෙවෙල විසින් රචිත වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය පිළිබඳ කෘතියත්, විනිර්මුක්තිය කෘතියත් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් විය. රාවය පුවත්පතෙන් මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ ලේඛකයා, ඉරුදින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන්ද, රැස පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය සයුර ප්‍රකාශනයක් වන අතර, එහි පිටකවරය නිර්මාණය කර ඇත්තේ මොල සෙනෙවිරත්න විසිනි.

විශේෂ අදහස් දැක්වීම්-

•ලාල් වික්‍රමතුංග (ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා)
•නීතිඥ අචලා සෙනෙවිරත්න (නාවික කප්පම් නඩුවේ වින්දිත පාර්ශවය වෙනුවෙන්)
•ජෙනිෆර් වීරසිංහ (කප්පම් සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු ඩිලන්ගේ මව)
•මයුරි ද සිල්වා ( සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු හරිෂ් මධුෂ්ක ද සිල්වාගේ බිරිඳ)
•ෆයාස් ලතීෆ් (ඝාතනය වූ වසීම් තජුඩීන්ගේ මාමා)
•පීටර් ඩී අල්මේදා

විශේෂ දේශනය –

•ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
(ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති)
•ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

අදහස් දැක්වීම සහ මෙහෙයවීම – චූලානන්ද සමරනායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...