‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ : කසුන් පුස්සෙවෙලගේ නවතම කෘතිය අද එළිදකී

Date:

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත නවතම කෘතිය වන ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය එළිදැක්වීම සහ සහෘද කතිකාව 2025 සැප්තැම්බර් 28 වැනි දින සවස 03.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිනෙමා ලොන්ජ් හිදී පැවැත්වෙයි.

මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දුන්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු සංසිද්ධි රැසක් පාදක කරගනිමින් රචිත මෙම කෘතිය හා නීතිය ඉදිරියේ ඇති අභියෝගාත්මක ගැටලු ගැන ප්‍රමුඛ දෙසුම් සහ වින්දිත පාර්ශ්ව නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙහිදී කෙටි අදහස් දැක්වීම් සිදුකරනු ඇත.

කසුන් පුස්සෙවෙල විසින් රචිත වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය පිළිබඳ කෘතියත්, විනිර්මුක්තිය කෘතියත් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් විය. රාවය පුවත්පතෙන් මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ ලේඛකයා, ඉරුදින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන්ද, රැස පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය සයුර ප්‍රකාශනයක් වන අතර, එහි පිටකවරය නිර්මාණය කර ඇත්තේ මොල සෙනෙවිරත්න විසිනි.

විශේෂ අදහස් දැක්වීම්-

•ලාල් වික්‍රමතුංග (ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා)
•නීතිඥ අචලා සෙනෙවිරත්න (නාවික කප්පම් නඩුවේ වින්දිත පාර්ශවය වෙනුවෙන්)
•ජෙනිෆර් වීරසිංහ (කප්පම් සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු ඩිලන්ගේ මව)
•මයුරි ද සිල්වා ( සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු හරිෂ් මධුෂ්ක ද සිල්වාගේ බිරිඳ)
•ෆයාස් ලතීෆ් (ඝාතනය වූ වසීම් තජුඩීන්ගේ මාමා)
•පීටර් ඩී අල්මේදා

විශේෂ දේශනය –

•ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
(ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති)
•ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

අදහස් දැක්වීම සහ මෙහෙයවීම – චූලානන්ද සමරනායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...