තලපති විජේගේ දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමකින් 30කට අධික පිරිසක් ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජනප්‍රිය නළුවකු වන තලපති විජේගේ පැවති දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමක් හේතුවෙන් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාවට අවම වශයෙන් කාන්තාවන් 16 දෙනෙකු, පිරිමින් නව දෙනෙකු සහ ළමුන් හය දෙනෙකු ඇතුළත් වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මා සුබ්‍රමනියන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත වෙත ප්‍රකාශ කර තිබු අතර තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පැවසුවේ තෙරපීමේදී මියගිය අයගේ පවුල්වලට රුපියල් මිලියනයක (ඩොලර් 11,300; පවුම් 8,400) වන්දි ලබා දෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්ය.

X හි සටහනක් තබමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබුණේ මෙම සිදුවීම අවාසනාවන්ත සහ අතිශයින්ම කණගාටුදායක වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...