දුමිදු අද කොළොම්ඹියාවේදී අවසන් සටනක

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 28, කොළඹ LNW:

කොළොම්ඹියාවේ පැවත්වෙන I La Perla Del Otún Future Series 2025 තරගාවලියේ පිරිමි සූරතාවය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දුමිදු අබේවික්‍රම ආසන්න අවස්ථාවක පසු වෙයි.එම තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින් අතර අංක එකට ශ්‍රේණිගතව සිටින දුමිදු,එම තත්ත්වය රැක ගෙන මේ තරගාවලිය පුරාම දක්ෂතා අතර සිටි අතර ඔහුට යම් තර්ජනයක් ඇති කරන්නට සමත් වූවේ අර්ධ අවසන් පූර්ව වටයේදී අනිර්ව් රෙඩ්ඩි චමකුරා යි.ඔහු සමඟ පැවති තරගය වට 2-0 ක් ලෙස දුමිදු ජය ගත්ත ද එක් තරග වටයකදී රෙඩ්ඩිව පරාජය කරන්නට සිදු වූයේ ලකුණු 24-22 ක් ලෙසය.


අවසාන තරගයේදී දුමිදු මුණ ගැසෙන්නේ මෙම තරගාවලියේ අංක දෙකට සිටින ක්‍රීඩකයාය.ඔහු ඇමෙරිකාව නියෝජනය කරන එරිකෝ කෙඒනෝ ඇසුන්සන් ය.අද දෙනො අතර තරගය පැවත්වෙනු ඇත.ඔහු තරගාවලියේ පිරිමි යුගල අංශයෙන් ද අවසාන තරගයට පිවිස සිටින දක්ෂ ක්‍රීඩකයෙකි.මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල දී 22 හැවිරිදි දුමිදු සිටින්නේ 132 වන තැනය.එරිකෝ කෙඑනෝ ඇසුන්සන් සිටින්නේ 166 වන තැනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...

ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...