අදත් මාරක අනතුරක්!

0
588

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28 කොළඹ LNW :

ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවගේ ගැටීමෙන් , ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙහිදී, අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගාල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ. වයස අවුරුදු 77ක් වූ බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මෘත ශරීරය ගාල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඅහන් වේ.