ගෙවෙන මාසයේ සංචාරක පැමිණීම සුබයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28 කොළඹ LNW :

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවට අනුව , සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 126,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේ 24 වැනි දින වන විට පැමිණ ඇති සංචාරකයින් ගණන 126,379ක් බවත්, ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් ද වේ. එම ගණන 37,179කි. දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම අගය 8,9.7ක් වේ.

තවද, ජර්මනියෙන් සංචාරකයින් 7,799ක්, චීනයෙන් සංචාරකයින් 7,226ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,049ක් ද මෙම මාසය තුළදී මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. 2025 වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අධිකාරියේ වාර්තාවේ සඳහන්වන ආකාරයට, ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 362,774ක් වේ . තවද, එක්සත් රාජධානියෙන් 160,078ක්, රුසියාවෙන් 121,452ක්, ජර්මනියෙන් 105,443ක් ද  ලෙසින් සංචාරකයින් 2025 වසරේ එම කාලය තුළදී සංචාරය සඳහා මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...