වසර 10කට පසු ඉරානයට, එක්සත් ජාතීන්ගේ ආර්ථික හා මිලිටරි සම්බාධක පනවයි.

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුමෙන් වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා මිලිටරි සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

ඉරානය අඛණ්ඩ න්‍යෂ්ටික උත්සන්න කිරීම සහ සහයෝගීතාවයේ ඌනතාවය සම්බන්ධයෙන් යුරෝපීය හවුල්කරුවන් තිදෙනකු වන එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් මෙම සම්බාදක පැනවීම යෝජනා කර ඇත.

පසුගිය ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එහි න්‍යෂ්ටික ස්ථාන සහ හමුදා කඳවුරු කිහිපයකට බෝම්බ හෙලීමෙන් පසු 2015 ගිවිසුමේ නියමයන් යටතේ නීතිමය වශයෙන් පිළිතුරු දීමට බැඳී සිටි ඉරානය එහි න්‍යෂ්ටික පහසුකම් පරීක්ෂා කිරීම අත්හිටු වීම, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ටෙහෙරානය ප්‍රතික්ෂේප කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සම්බාධක පනවා ඇත.

සම්බාධකවලින් මාස තුනක නිදහස් කිරීමක් සඳහා ඉරානයේ සියලුම පොහොසත් යුරේනියම් තොගය භාර දෙන ලෙස එක්සත් ජනපදය මෙහිදී කරන ලද ඉල්ලීම ද ඉරානය ප්‍රතික්ෂේප කළ අතර ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පසුගිය සතියේ අවධාරනය කළේ රටට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත්, නීති විරෝධී සහ සාධාරණ නොවන සම්බාධක පිලි නොගන්නා බවත්, අසාධාරණ සහ නීති විරෝධී ලෙස සම්බාධක නැවත හඳුන්වාදීම, දිගු කලක් තිස්සේ නෙරපා හරින ලද ඉස්ලාමීය ජාතිය සමඟ බටහිර සබඳතාවල තවත් බිඳ වැටීමක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...