දැවෙන සුළු ඉන්ධන වැගුරුවා මිස, නිවෙන සුළු සිසිල් දිය ඉස්සේ නැත

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 29, කොළඹ LNW:


ආසියානු කුසලානය ඉන්දියාවට කඩුුලු 5 ක් ජයක් ලැබෙමින් නිමාවට පත් වුවත්,දෙරටේම ක්‍රීඩකයින් මෙන්ම පාලකයින් ද ක්‍රියා කළ ආකාරයෙන් ක්‍රීඩාවේ මූලික ගුණධර්මවලට හානි විය.ක්‍රීඩාව පරාජය කරමින් දේශපාලන එදිරවාදිකම් මුලට පැමිණි අශෝභන සිදුවීම්වලින් පිරුණු තරගාවලියක අවසානයක් සහිතව ආසියානු කුසලානය නිමා වූ බවට වන ක්‍රීඩාවට අනුචිත පණිවිඩයක් සමාප්තියට ඉතිරි කර තරගාවලයික් ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැකිය.


එහෙත් ක්‍රීඩාවේ ආස්වාදය සහ මිත්‍රශීලීත්වය අවසාන මොහොතේදීත් ලෝකයට අශෝභන විදිහට එළිදක්වන්නට පකිස්තානය සහ ඉන්දියාව නොපැකිළිව කටයුතු කළේය.මොහොමඩ් නක්වි ආසියානු සභාපතිවරයා ද මේ තරගාවලිය සැළසුම් කරන තැන සිටම ආසියාවේ සභාපතිවරයා ලෙස නොව ඉන්දීය විරෝධි පකිස්තානුවෙක් ලෙස පකිස්තාන දේශපාලන සිතියම මුල කරගෙන ක්‍රියා කළේය.ඒ හිරිකිත සංස්කෘතියේම ප්‍රතිබිම්භය වෙමින් ඉන්දීය කණ්ඩායම ද අවසාන මොහොතේ ආසියානු කුසලානය ආසියානු සභාපතිවරයගෙන් ලබා නොගනිමින් ආසියානු ක්‍රිකට් වෙනුවට ඉන්දීය – පකිස්තානු එදිරිවාදිකම ක්‍රිකට් පිටිය තුළ ප්‍රදර්ශනය කරමින් කටයුතු කළේය.


ක්‍රීඩකයා තානාපතිවරයෙකු විය යුත්තේ යුද්ධයේ බිහිසුණු ඛේදවාචකවලට පාවඩ එලන්නට නොවේය.අහිමි වූ ප්‍රේමය සහ මිත්‍රශීලීත්වය පෝෂණය කරන්නටය.දෙරට ක්‍රීඩකයින් ඇවිලී තිබෙන විරසක යුදමය හැඟීම්මත දැවෙන සුළු ඉන්ධන වගුරා ගියා මිස,නිවෙන සුළු සිසිල් දිය ඉස්සේ නැත.ඒ නිසා ආසියානු ක්‍රිකට් කුසලානය අවසානයේ එම ජයග්‍රහණය සහිත කුසලානයට හිමිකම් කියන්නට පිරිසක් සිටියද දෙපිළම එක්ව ක්‍රීඩාවේ උත්තරීතර ගුණාංග පරාජය කර අවසන්ය.


මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආසියානු සභාපති මොහොමඩ් නක්විගෙන් කුසලානය ලබා නොගෙන කුසලානය ලබා ගැනීම අභිනයෙන් දක්වමින් සිය කණ්ඩායම වෙත එන සූරියකුමාර් යාදෙව් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...