තාජුඩීන් ඝාතනයට පැමිණි පිරිස අතර මිද්දෙනියේ කජ්ජාත් ඉඳලා ! – පොලීසිය තහවුරු කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී දරු දෙදෙනාත් සමග වෙඩිතබා ඝාතනය කෙරුණු අරුණ විදානගමගේ හෙවත් මිද්දෙනියේ කජ්ජා නමැත්තා ද සිටි බව තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (30) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

“ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවෙනවා ඔහු අරුණශාන්ත නොහොත් මිද්දෙනියේ කජ්ජා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා මෙම වසරේ මුල් කාලයේදී ඝාතනයට ලක්වෙනවා, ඔහුගේ ඝාතනයට සෘජුවම සම්බන්ධයක් තියෙනවා කියලා මේ බැකෝ සමන් කියන පුද්ගලයා. මිද්දෙනියේ කජ්ජා නමැති පුද්ගලයාගේ බිරිඳත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශයක් ලබාදෙනවා තමන්ගෙ ස්වාමි පුරුෂයා ඝාතනයට මේ බැකෝ සමන් නමැත්තා සම්බන්ධයි කියලා. ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කරනවා මේ කජ්ජා නමැත්තාට මරණ තර්ජන විශාල වශයෙන් තිබුණා කියලා. ඇය සඳහන් කරනවා 2023 වසරේදී ලංකාවේ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක් සමග මෙම කජ්ජා නමැත්තා සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා, එහිදී ඔහු අනාවරණය කරනවා වසීම් තාජුඩීන් නමැත්තා ඝාතනය සම්බන්ධ විශේෂිතවූ සිද්ධීන් ගැනත් ඔහු අනාවරණය කරනවා. ඒ අනුව CID නිලධාරීන් කජ්ජා නමැත්තාගේ බිරිඳගෙන් වසීම් තාජුඩීන් ඝාතනය ගැන ඔබ දන්නා තොරතුරු මොනවාදැයි විමසීමේදී ඇය ප්‍රකාශ කර තියෙනවා මෙම යූටියුබ් නාලිකාවට මගේ ස්වාමියා ප්‍රකාශ කරපු තොරතුරු තමයි දන්නේ කියලා. ඒ අනුව CID නිලධාරීන් මේ සම්බන්ධව තවදුරටත් උනන්දු වෙලා වසීම් තාජුඩීන් මහතාගේ මෝටර් රථය පසුපස හඹායන මෝටර් රථයට නගින පුද්ගලයාගේ CCTV දර්ශන මැයට පෙන්වා සිටිනවා. ඇය එම දර්ශන පරීක්ෂා කරලා CID යට මේ වනවිට ප්‍රකාශයක් ලබලා දීලා තිබෙනවා මේ ඉන්නේ තමන්ගෙ ස්වාමි පුරුෂයා කියලා. එසේ හඳුනාගත්තෙ අංග ලක්ෂණවලින්, මොකද සීසීටීවී දර්ශන ඉතා පැහැදිලි ඒවා නෙවෙයි. නමුත් ඒ පසුපස ගිය වාහනයට නැගපු පුද්ගලයාගේ අංග ලක්ෂණවලින් ඇය හඳුනාගෙන තිබෙනවා මේ මගෙත් සමග අවුරුදු 14ක් ජීවත් වූ මගේ ස්වාමි පුරුෂයා බවට ඇය හඳුනාගෙන තිබෙනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...