ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය මැද අන්තරෙත් විරෝධතාවක!(PHOTOS)

0
124

කොළඹ LNW:අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (30) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කර තිබෙන අත්තනෝමතික පන්ති තහනම් කිරීම වහා හකුලා ගන්න ලෙස බලකරමින් සහ NDT හි මිලිටරිකරණ පාලනය අවසන් කර ඒ සඳහා සුදුසුකම් ලත් අධ්‍යක්ෂකරවයෙක් පත්කරන ලෙස ඉල්ලා එම විරෝධතාව පැවැත්විය.

කොළඹ විශ්ව විද්‍යාලය අසලින් ඇරඹි විරෝධතා පාගමන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගිය අතර එහිදී ශිෂ්‍යයින් පස්දෙනෙකුට බලධාරීන් සමඟ සාකච්ජාවක් සඳහා අවස්ථාව සැලසුණි.

එම සාකච්ජාවෙන් පසු විරෝධතාව අවසන් කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න