ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණයේ හෙවනැල්ලක්වත් වැටෙන්නට ඉඩ නොතිබූ තරගාවලියක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 30, කොළඹ LNW:


ඔස්ට්‍රේලියානු 19 න් පහළ කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය නිමාවට පත් වුණේ ඔවුන්ගේ හැකියාව මත ජයග්‍රහණයේ සෙවනැල්ලක්වත් වැටෙන්නට නොදෙමින්ය.තරගාවලියේ හමාර සටහන තබන්නට දඹුලු ක්‍රිඩාංගණයේදි පස්වන විස්සයි විස්ස තරගයට හමු වූ ඔස්ට්‍රේලියා කණ්ඩායමට විඳින්නට වූයේ කඩුලු 6 ක පරාජයක්ය.පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු යෞවණියන්ගේ අවසාන ලකුණු කියවුණේ කඩුලු 6 ට ලකුණු 114 ක් ලෙසයි.දැවී ගිය කඩුලු 6 න් තුනක්ම චමෝදි ප්‍රබෝධා දවා ගත්තේ ලකුණු 16 ක් පමණක් ලබා දෙමින්ය.


ලකුණු 115 ක් රැස් කිරීමේ උවමනාවෙන් පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට සැනසුම් සුසුමක් එක් කරමින් මේ තරගාවලය පුරාම සිත් පිත් නැති සේ ඔස්ට්‍රේලියාව තලා පොඩි කර දැමූ සංජනාගේ පිත්තෙන් ලකුණු එන්නට පෙර ඇය ඉවත් කර දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.


එහෙත් අංක හතරට පැමිණ, තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට සුදුසුකම් පෙන් වූ ඉණිමක් දියත් කළ මනුදි නානායක්කාර නායකත්වයේ ඉණිමක නිරත වෙමින් පන්දු 35 දී නොදැයී ලකුණු 34 ක් රැස් කළාය.අවුරුදු 15 දී ශ්‍රීලංකාව නියෝජනය කරන්නට තරම් සමත්කම් පෙන් වූ ශසිනි ගිම්හානි මේ තරගාලිය පරාම පාහේ පිත්තෙන් දැක් වූ දස්කම් තව දුරටත් ඉදිරියට ගෙන යමින් පන්දු 16 දී ලකුණු 19 ක් නොදැවී ලැබුවේ පස්වන කඩුල්ලට ලකුණු 38 ක නොබිඳි සබඳතාවයක් තබමින්ය.
ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්නට හැකියාව ඇත.
https://bit.ly/3ICzVqc

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...