ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණයේ හෙවනැල්ලක්වත් වැටෙන්නට ඉඩ නොතිබූ තරගාවලියක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 30, කොළඹ LNW:


ඔස්ට්‍රේලියානු 19 න් පහළ කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය නිමාවට පත් වුණේ ඔවුන්ගේ හැකියාව මත ජයග්‍රහණයේ සෙවනැල්ලක්වත් වැටෙන්නට නොදෙමින්ය.තරගාවලියේ හමාර සටහන තබන්නට දඹුලු ක්‍රිඩාංගණයේදි පස්වන විස්සයි විස්ස තරගයට හමු වූ ඔස්ට්‍රේලියා කණ්ඩායමට විඳින්නට වූයේ කඩුලු 6 ක පරාජයක්ය.පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු යෞවණියන්ගේ අවසාන ලකුණු කියවුණේ කඩුලු 6 ට ලකුණු 114 ක් ලෙසයි.දැවී ගිය කඩුලු 6 න් තුනක්ම චමෝදි ප්‍රබෝධා දවා ගත්තේ ලකුණු 16 ක් පමණක් ලබා දෙමින්ය.


ලකුණු 115 ක් රැස් කිරීමේ උවමනාවෙන් පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට සැනසුම් සුසුමක් එක් කරමින් මේ තරගාවලය පුරාම සිත් පිත් නැති සේ ඔස්ට්‍රේලියාව තලා පොඩි කර දැමූ සංජනාගේ පිත්තෙන් ලකුණු එන්නට පෙර ඇය ඉවත් කර දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.


එහෙත් අංක හතරට පැමිණ, තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට සුදුසුකම් පෙන් වූ ඉණිමක් දියත් කළ මනුදි නානායක්කාර නායකත්වයේ ඉණිමක නිරත වෙමින් පන්දු 35 දී නොදැයී ලකුණු 34 ක් රැස් කළාය.අවුරුදු 15 දී ශ්‍රීලංකාව නියෝජනය කරන්නට තරම් සමත්කම් පෙන් වූ ශසිනි ගිම්හානි මේ තරගාලිය පරාම පාහේ පිත්තෙන් දැක් වූ දස්කම් තව දුරටත් ඉදිරියට ගෙන යමින් පන්දු 16 දී ලකුණු 19 ක් නොදැවී ලැබුවේ පස්වන කඩුල්ලට ලකුණු 38 ක නොබිඳි සබඳතාවයක් තබමින්ය.
ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්නට හැකියාව ඇත.
https://bit.ly/3ICzVqc

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...