රුසියානු හමුදාවලට පහර දීමට යුක්රේනය බටහිරින් ලබාදුන් පළමු මිසයිල තොගය භාවිතා කරයි!

Date:

යුක්රේනයේ මතුව ඇති සන්නද්ධ තත්ත්වය තුළ රුසියානු හමුදාවලට ප්‍රහාර දියත් කිරීමට බටහිර රටවලින් ආධාර ලෙස ලබාදුන් පළමු මිසයිල තොගය සාර්ථකව භාවිතා කර ඇති බව බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි අංශ පවසයි.

ඒ අනුව ඉකුත් සතියේ නෞකා ගිනිබත් කරන හාර්පූන් වර්ගයේ මිසයිල (Harpoon anti-ship missiles) භාවිතා කරමින් රුසියානු බලකා වලට ප්‍රහාර දියත් කිරීමට යුක්රේනය කටයුතු කර ඇති බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අද (21) දිනයේ නිකුත් කළ නිවේදනයක සඳහන්.

යුක්රේන හමුදා විසින් එල්ල කළ ප්‍රහාර නිසැකවම පාහේ වයඹදිග කළු මුහුදේ ස්නේක් අයිලන්ඩ් නම් දූපත වෙත ආයුධ සහ සහ හමුදා පිරිස් බෙදාහරිමින් සිටි රුසියානු නාවික යාත්‍රාවක් වන ස්පාසටෙල් වැසිලි බෙක් වෙත එල්ල කළ බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර සිටියි.

ගතවූ කාලසීමාව තුළ රුසියානු-යුක්රේන යුධ තත්ත්වය ඩොන්බාස් හි යුක්රේන පාලිත ප්‍රදේශ අත්පත් කර ගැනීමෙහිලා තීව්‍ර වෙමින් පවතින බවක් දක්නට ලැබේ.

රුසියානු – යුක්රේන යුධ තත්ත්වය ගෝලීය වශයෙන් බරපතල අර්බුදයන් රැසකට මුලපුරා ඇති අතර, යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මෙම යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සෑම රාජ්‍යයකම සහාය පතමින් සිටියි.

ඡායාරූප: රොයිටර්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...