ඉරානය සිය අග නගරය වන ටෙහෙරානය වෙනස් කරන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජල අර්බුදය උග්‍ර වීම හේතුවෙන් ඉරානය තම අගනුවරවන ටෙහෙරානය වෙනත් ස්ථානයකට මාරු කළ යුතු බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර තිබේ.

මිලියන 10 කට අධික ජනතාවක් වෙසෙන ටෙහෙරානය මේ වන විට ගිලා බැසීමේ තර්ජනයකට මුහුණ දී ඇති අතර ඉරානයේ සමස්ත ජල සැපයුම්වලින් හතරෙන් එකක් පමණ පරිභෝජනය කරයි.

ඉරාන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, තමා පසුගිය වසරේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සමඟ අග නගරය මාරු කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ බවත්, එයට බොහෝ විවේචන එල්ල වී ඇති බවත්, මේවන විට ටෙහෙරාන්, කරාජ් සහ කස්වින් දැනට ජල අර්බුදයකට මුහුණ දී සිටින බැවින් මෙම අර්බුදය පහසුවෙන් විසඳා ගත නොහැකි හෙයින් අගනගරය වෙනස් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...