වෙඩ්ඩාට ඌන පූර්ණයක්!

0
283

උපාලි කොළඹගේ

කොළඹ LNW:වෙඩ්ඩා, මංජුල වෙඩිවර්ධන ය. හේ කවියෙකි. නවකතාකාරයෙකි. හොඳ පත්තරකාරයෙකි. ඒ සියල්ලට ම වඩා බොක්කෙන්ම මිතුරුකම් පානා සහෘදයකි. මංජුල මුහුණු පොතෙන් හා අනිද්දා පත්තරයට ලියන බල්සාක් කොලමෙනුත් ඇමති ලාල් කාන්තට හොඳ හැටි නෙලා තිබිණ. එය වෛරී ⁣ලියවිල්ලක් නොව උපහාසාත්මක කනේ පාරකි. ආදරයෙන් මිස පසමිතුරුව ලියූවක් නොවන බව නමි පැහැදිලිය. ලාල්කාන්ත නොදන්නා දේ කතා කරන්නට ගොස් සමච්චලයට භාජනය වූ අවස්ථාවක් ලෙසය මා එය දකින්නේ. ලාල් කාන්තට අනුව සියලුම සාහිත්‍යයකාරයෝ කුහකය. කුහකයෝය. මෙය ඇත්තටම ඔවැනි ප්‍රසිද්ධ සාහිත්‍ය සභාවකි නොකිය යුත්තකි. සාහිත්‍යකාරයන් අතර පමණක් නොව ආගමික සංස්ථාවල ඇතැම් ක්‍රියාධරයන් අතරද කුහකයෝ සිටිති. ඒ පෘතග්ජන ස්වභාවයයි. මගේ පෞද්ගලික අදහස නම් ආගම කරපින්නා ගෙන සිටින අය අතරේද වැඩි දෙනා කුහකයෝය.

කෙසේවෙතත් සාහිත්‍යකාරයන් කුහකයන් යැයි හැඳින්වීමට තමාට සිතුණේ මන්දැයි ලාල්කාන්ත පැහැදිලි කළ බවක් වාර්තා වූයේ නැත.
දේශපාලනයඥකු තවත් මොනම හෝ පිරිසකට කුහකයැයි කියන කොට මට නම් දෙපැත්තෙන්ම හිනාය. වැඩිපුර පශ්තාත් භාගයෙනි. මංජුට අමතක වූයේ මේ පිළිබඳව විස්තර කිරීමටය.

ලාල්කාන්ත හොඳ ඇමතිවරයකු නිසා පව් කියලා හිතුනාද දන්නෙ නැහැ.

එහෙම නැත්නම් ලාල්කාන්ත මාලිමා ගැංසියේ සිටින කුහකකම අඩුම පුද්ගලයා නිසාද පුළුවන. කෙසේ වුවත් අපේ රටේ නම් දේශපාලනඥයෝ බහුතරය අමුම අමු කුහකයෝය. බලය ලබා ගැනීම සඳහා ඕනෑම කෙබර⁣යක් ඇදබෑම ජානවලින්ම එන කුඩුකේඩු ගතියකි. ඒ චෝදනාවෙන් නමි මාලිමා සහෝදරවරුන් ගැලවෙන්නේ නැත. සමහර විටෙක අංක එක හෝ දෙක චූදිතයන් වීමට පුළුවන. ඡන්ද කාලයේ කළ සියලුම කතා පැත්තකට කළත් වත්කම් පිළිබඳව නැගෙන ” කුහක වත ” චෝදනාවෙන් නම් ඔවුනට ගැලවීමක් නැත. ඡන්දයට පෙර දුන් පොරොන්දු සිග්සැග් ක්‍රමයට තනූක කිරීම කිසිසේත් නොතකා හැරිය නොහැක . ගෙදරට කෑම පාර්සල් , සතිපතා ගමට කලා කෘතියක් ආදී පොරොන්දු කප්පරක් මටත් යන්තමි මතකය. මා නම් ඒවා ඇහූසැනින් අනෙක් කනින් චුත කළා මිස කොයි එකා කොතනදී කීවාද යැයි මතක තබා ගත්තේ නැත.

එමෙන්ම මහජතාවගෙන් බහුතරය ඔය පොරොන්දු වලට ඡන්දය දුන්නෙත් නැත. අපි කවුරුත් අපේක්ෂා කළේ වෙනසකි. ඒ වෙනස නොන්ඩි ගසමින් හෝ ඉදිරියට ඇදෙන බව ද සත්‍යයකි .

කෙසේ වුවත් ජවිපෙ/මාලිමා සහෝදරවරුන් සියවත්කමි පිළිබඳව පෙන්නූ ප්‍රතිරූපය නම් දැන් සුන්නත්දූලි වී ඇති බව නම් සහතිකය. ඔවුන් යාචක කණ්ඩායමකැයි අපි කිසි දිනෙක සිතුවේ නැත. එමෙන්ම සිටුවරුන් යැයි සිතුවේද නැත. ප්‍රසිද්ධ වේදිකාවල හා රූපවාහිනි සාකච්ඡා වල කීදෙයින් මා නම් සිතා සිටියේ එතරම් වත්කමක් නැති ගැමි තරුණ පිරිසක් කියාය. විශේෂයෙන්ම රැකියා නොකර ජීවත් වන්නේ කෙසේදැයි යන්නට ඔවුන්ගේ පිළිතුර වූයේ පක්ෂයේ සහෝදරවරුන් ඒ සියල්ල බලා ගන්නා බවය. කමිස බඳපටි. පමණක් නොව යන වාහන වලට ⁣ඉන්ධන ද ඒ ඒ ප්‍රදේශවල සහෝදරවරුන් ලබා දෙන බවද කිසිම හිරිකිතයකින් තොරව ඔවුහූ කියා සිටියහ.

බළලා මල්ලෙන් එළියට පැන්නේ වත්කම් ප්‍රකාශත් සමගය. ඔවුන් අතමිට සරු පුද්ගලයන් වීමට මා නම් කිසිසේත් විරුද්ධ නැත. නමුත් අප මවා ගෙන සිටි ප්‍රතිරූපය නම් බොඳවී ගිය බව නම් කිව යුතුය. එතකොට ගරු ඇමති සහෝදරයා කුහකයෝ සාහිත්‍යකරුවන්ද දේශපාලනඥයන්ද?