පුවක්දණ්ඩාවේ සනා ඡන්ද රැස්වීමක හිටපු පළියට අපිට උදව් කළා කියන්න බැහැ. වීරවංශගේ කතා ගණන් ගන්න එපා – ඇමති TB

Date:

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700ක සිද්ධියට අදාළව අත් අඩංගුවට ගැනුණු පුවක්දණ්ඩාවේ සනා නමැති පාතාල නායකයා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකරන ප්‍රකාශ එතරම් ගණන් ගතයුතු නැති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් කුඩු අයිස් අල්ලන එක නවත්වලාද, එහෙමම යනවාද වැඩේ ?

“නෑ, ඒක නවත්වන්න බැහැනෙ ඉතින්. රටේ අපරාධ තියෙනවා නම් අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක නතර වෙන්නෙ නෑ. අපරාධ තියෙන තුරු නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය කොහෙවත් නවතින්නෙ නැහැනෙ. රටක ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතීන්, නීතියෙන් ජනතාවට තියෙන සාධාරණත්වය, ඒක ඉෂ්ට වෙන්න ඕනෙ. ඒක ඉෂ්ට වෙනවා කියන්නෙ අර ජාතියේ ඒවා දිගටම වැටළීම් සිද්ධ වෙනවා”

ප්‍රශ්නය – අපි දැක්කා විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළා අර බෙලිඅත්තේ සනා ජනාධිපතිතුමාට කන්න බොන්න දීලා තියෙනවා, හුඟක් සලකලා තියෙනවා, ඔබතුමාලාගේ NPP එකේ සාමාජිකයෙක් කියලා. මොකද වෙන්නේ ඇත්තටම ?

“ඒක පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ සහෝදරවරුන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කෙනා කවුද, මොකක්ද කියලා පැහැදිලි කළා. ඉතින් වීරවංශ ගැන නම් …. ලෝකෙ ඉන්න ලොකුම විහිළුකාරයො ගැන නම් අහන්න එපා, පව් ඒගොල්ලො”

ප්‍රශ්නය – එතකොට සනා ඇත්තටම උදව් කළේ නැද්ද ?

“ඇත්තටම ඒ පිළිබඳව හම්බන්තොට සහෝදරවරු පැහැදිලිකිරීමක් කළා සම්පූර්ණයෙන්ම. ඔය දේශපාලන මැතිවරණ සමයන්වල බොහෝ මිනිස්සු එක එක තැන්වල රැස්වීම්වල ඉන්නවා. කොහෙ හරි රැස්වීමක හිටපු පළියට අපිට උදව් කළා කියලා කියන්න බැහැනෙ ? නේද ? ඒක … ඒ ප්‍රදේශවල ඕක … දැන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් මම ඉතා හොඳින් දන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහෝදරවරු ඒ පිළිබඳ හොඳටම දන්නවා. ඒ පිළිබඳ හොඳටම පැහැදිලිකිරීමක් කළා එයා කවුද, මොනවද කළේ, මොකක්ද, අපට තියෙන සම්බන්ධයක් තියෙනවාද, නැද්ද, එහෙම ඒ ….. මෙහෙමයි, වීරවංශගේ ඔළුවට එන දේවල්, ඔළුවට පොල් වැටුණාම එන දේවල්නෙ ඔය කියවන්නෙ. ඉතින් ඒ කියවන දේවල් එච්චර දුරට ගණන් ගන්න එපා. ඒවා ගැන අපෙන් ප්‍රශ්න අහන්නත් එපා, මොකද ඔළුවට පොල් වැටිලා තියෙන්නෙ වීරවංශගෙ ගොඩක් කල් ඉඳලා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (04) මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...

G20 සමුළු විරෝධතා නිසා දකුණු අප්‍රිකානු වීදිවල ආරක්ෂාව වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ...

ඇමති විජිතගේ ආරාධනය!

කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන...

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...