විමල්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :

අද (06) දින තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව  හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දන්වා ඇති අතර,  ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස වීරවංශ මහතා ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව වීරවංශ මහතාට ලබන ඉරිදා (12) දින තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නැයි දන්වා ඇත.

බෙලිඅත්තේ සනා නැමැති  පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරු 10.00ට වීවරංශ මහතාව එලෙස කැඳවා තිබුණු අතර, තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත් අඩංගුවට ගත් බෙලිඅත්ත සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...