සැප්තැම්බරයෙන් තවත් වාර්තාවක්!

Date:

කොළඹ LNW: ගෙවුණු සැප්තැම්බර් මාසය තුළ සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙරට සංචාරක කර්මාන්තය තුළ සාර්ථකම වසර ලෙස දැක්වෙන්නේ 2018 වසර වන අතර එම වසරට සාපේක්ෂව ගෙවුණු මාසය තුළ සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයක් සිදුව තිබේ.

ඒ පසුගිය මාසයේ 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයින් 158 971 ක් පැමිණ ඇති බව සදහන්. එය පසුගිය වසරට සාපේක්ෂව 30%ක වර්ධනයක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

ඉතිහාසයේ සැප්තැම්බර් මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් මෙවර වාර්තා වී ඇති අතර එය මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය පෙන්නුම් කරන්නක් ලෙස දැක්විය හැකියි.

ඓතිහාසික උරුමය, දේශගුණික විවිධත්වය,සත්ව හා ශාක විවිධත්වය,භූ විවිධත්වය ආදී කරුණු මත මෙරට සංචාරක කර්මාන්තයේ ආකර්ෂණය රඳා පවතියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...