ගලගෙදර සමූප ඡන්දයේදීත් මාලිමාව බිංදුවට වැටේ. සජබ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් !

Date:

මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර විවිධ සේවා සමූපකාරයේ පැවති නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විශිඨ ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.

මෙම සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල ධුර හතෙන් හතම දිනාගැනීමට සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්වී ඇති අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට එකදු අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් හෝ දිනාගැනීමට හැකිවී නොමැත.

මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේම උඩුනුවර සමූපකාර සමිතියේ පැවති නිලවරණයේදී ද අධ්‍යක්ෂ මණ්ඩල ධුර නවයෙන් නවයම ජයග්‍රහණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමත්වූ අතර එහිදී ද ජාජබට කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් හිමිව තිබුණේ නැත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...