වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් – සජිත් (VIDE0)

Date:

අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්‍යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව හැම දේම කරන්නේ බලය ආරක්ෂා කර ගනිමින් තමන්ගේ තැන ආරක්ෂා කර ගැනීමට මිස ජනතාව වෙනුවෙන් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා වර්තමානය වන විට රට තුළ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉවත් වීමේ සිට ව්‍යවස්ථා සංශෝධනය දක්වා වූ සෑම ක්ෂේත්‍රයකම වෙනසක් සදහා ජන අරගලයක් පැමිණියත් අවසානයේ සාමාකාමීව පැවැති ජන අරගලයට පසුගිය මැයි 9 වැනි දා අරලියගම මන්දිරයෙන් කලු පැල්ලමක් එල්ල කළ බව පැවසීය.

විපක්ෂ නායකතුමා මෙහිදී කියා සිටියේ එම අරගලයට පහර දුන් පිරිස නිදැල්ලේ සිටිය දී පහර කෑමට ලක් වූ පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ මානව අයිතිවාසිකම් නිර්දය ආකාරයට උල්ලංඝනය කර ඇති බවයි.

එසේම මුළු රටම දේශපාලන ප්‍රතිසංස්කරණයක්, වෙනසක් අපේක්ෂා කළත් කිසිම ජනපදනමක් නොමැති පුද්ගලයකු දොරටු පාලකයා බවට පත් කර ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුල සුරැකීමේ ප්‍රධානියා බවට පත්කර දේශපාලන සූදුවක් ක්‍රියාත්මක කරවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය, ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවක් අද (23) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. ජාතික ප්‍රතිසංස්කරණ උදෙසා යෝජනා ලබා ගැනීම එහි අරමුණ විය.

විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය මීට පෙර අවස්ථා කිහිපයකදීම හමුවූ අතර රට ගොඩනැඟීම උදෙසා ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ වැඩපිළිවෙළ පිළිබඳව සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ස්වකීය එකඟතාවය පළ කරනු ලැබීය. වඩාත් විධිමත් යාන්ත්‍රණයක් උදෙසා පහසුකම් සලසන්නෙනෙකු ලෙස විපක්ෂ නායක කාර්යාලය තුළ ඊට අනුබද්ධ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද කටයුතු කොට තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...