ඩ්‍රාමා අතර මාක්.. ඌරො අතර පෝක් !

එව්‍රිතින්ග් ගොන්න බී චේන්ච් කියල හිතලා ලයිෆ් ස්ට්‍රගල් එකට මූණ දෙන්න කොච්චර ගැම්මක් ගත්තත් එක තැන ඇලවි ඇලවි තියෙන සීන් එකක් තියෙනවා වගේ දැනෙනව ඇති. එහෙම දැනෙනකොට වෙනදට අපි කරන දෙයක් තියෙනවා. සින්දුවක් අහනව ෆිල්ම් එකක් ඩ්‍රාමා එකක් බලන්න යනව. එහෙම නැත්තං ඔලුව ක්ලියර් වෙන්න කියල හොඳට නාගන්නව. 

ඒත් දැන් ඒ කිසි දෙයක් කරන්න තියා අඩුම ගානෙ පපුව පිරෙන්න හුස්මක්වත් ඇද ගන්න බැරි ගානට අපි ඩවුන් වෙලා. ගැළපෙන වෙලාවට ගැළපෙන දෙයක් බලන්න බැරි වෙන තරමට මයින්ඩ් එක බ්ලොක් වෙලා. ඒ නිසා සිටුවේශන් එකට ගැළපෙන ඩ්‍රාම එකක් කියවල හරි බලන්න ඉන්වයිට් කරනවා. 

සතෙක් තීම් කරගෙන ලංකාවෙ කරපු ස්ටේජ් ප්ලේස් ගොඩක් නැහැ. ඒ අතරිනුත් වන්ෆශොට් ඔලුවට එන්නෙ නරිබෑනා. තවත් එකක් මීපුර වැසියෝ.  මට හිතෙන්නෙ දැන් නම් ඔලුවට එන්නෙ සායාගෙ ‘ඌරො අතර pork’ වෙන්න ඕනෙමයි කියල. ඒක එක අතකට රිසර්ච් බේස් කරපු වැඩක්! 

ඌරෙක් කිව්වට කතාවෙ මේන් කැරැක්ටර් එක ඊරියක්. ‘ ‘ඒකි නම් මහ රීරියක්’ , ‘අනේ ගොන් ඊරියේ’ වගෙ සරදම් වචන අපි මහ සමාජෙ ගෑනු අය අල්ලලා පාවිච්චි කරනවා. ඒක කොච්චර ගෙනරලයිස් වෙලාද කිව්වොත් ඩ්‍රාමා එකේ ඊරිට ඊරි කියන එක මාර ඊසි වෙලා තිබුණා ඕඩියන්ස් එකේ අපිටත්.

මේ ඊරි තමන්ගෙ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන දොස්තර කෙනෙක්, ගුරුවරයෙන්, තාපසයෙක්, දාර්ශනිකයෙක්, පොලිස් රාලහාමි කෙනෙක්, රීසන් හිස්ට්‍රි එකෙ යූටියුබර් කෙනෙක් , ආදිවාසියෙක් ළගට යනවා. ඒ චරිත එක්ක රීරි කරන සංවාද සාකැස්ටික්. බඩේ අමාරුවක් ගැන කිව්වම දොස්තර  ‘ ඌරන්ට මොන සෞඛ්‍යද? ‘ කියල වර්ඩ් එකක් දානවා. කවුරු ළගට ගියත් ලැබෙන්නෙ ප්‍රශ්නෙකට ප්‍රශ්නයක මිසක් උත්තරයක් නෙවේ. හාල් නැත්තං අල බතල කාපල්ලා වගේ ට්‍රැඩජික් උත්තර. 

ටෙක්නිකල් පැත්තෙන් කතා කළොත් මේ චරිත ලොට් එකම රගපාන්නෙ දෙන්නෙක්. ඊරි මවන ඊරිමය ගතිය පට්ට යුනික්. දොස්තර ඇතුළු අනිත් චරිත කරන ඇක්ටර් ඇක්ටින් සුපීරියර් කෙනෙක්. කරැක්ටර් චේන්ජ් වෙන බව ඕඩියන්ස් එකට පේන්නෙ එලිපිටමයි. ස්ටේජ් එකේම පිටිපස්සට වෙන්න එල්ලලා තියෙන ඇඳුම් එතනම චේන්ජ් වෙලා කැරැක්ටර් එක මාරු වෙනවා. සායාගෙ රිසර්ච්  එක කැප්චර් වෙන හොඳම තැන එතන. ඒ ඇඳුම මාරු වෙන වේගෙට කැරැක්ටර් එකට අඩප්ට් වෙන එක ලේසි නෑ. ඒක තමා සමිතගෙ වැඩකිඩ පේන තැන. 

ඔහොම ඔහොම ඇවිල්ලා මේ ඊරි  මනුස්සයෙක් එක්ක ළමයෙක් හදනවා.  හරියට ඒ කාලෙ සිංහබාහු කෙනෙක් ප්ලාට් වුණා වගේ. ළමයෙක් හදනවත් නෙවේ. හැදෙනවා. ඊරි රේප් වෙනවා. ගිය ගිය තැන්වලින් බාග උත්තර ලැබුණු ඊරිට ලැබෙන්නෙත් බාග දරුවෙක්. බායකක් ඌරෙක්. බාගයක් ළමයෙක්. ඔක්කොම ඔද්දල් වෙලා. දෙයාර් ඉස් නතින්ග් ටු ඩූ කියලා උන් ඊළඟ ස්ටෙප් එකට ලෑස්‍ති වෙනවා. 

මේ ඊරි , උඹ මම කියල හිතුවොත් අපිව ශොක් වෙනවා. ඊළඟ ස්ටෙප් එක විදියට මේ ඌරු – මිනිස් පවුල ඕඩියන්ස් එක දිහා බලාගෙන පෝක් කනවා. පණ පිටින් සත්තු ගිලින ගෝත්‍රිකයො වගේ කටවල් පුරෝගෙන  ඩිනර් ගන්නවා. ඒ අතරෙ උන් ටීවි එකේ චැනල් මාරු කරනවා. මේ හැමදේම වෙන්නෙ ඕඩියන්ස් එක දිහා බලාගෙන. ඩ්‍රාමා එකක් කියල උන් දිහා බලාගෙන හිටපු ‘අපිව’ උන්ට ඩ්‍රාමා එකක් වෙලා. රෙදි කෑල්ල කෑල්ල ගැලවිලා ෆුල් නිවුඩ් වෙලා යන ෆීල් එකක් ඔටෝමැටිකලි එනවා. ඒ ක්ලයිමැක්ස් එක මැක්සා! උඹලා අපි දිහා බලාගෙන දැනුත් , උල් දත්වලින් ඉරලා අපේ මාංසය තලු මරන මේ මාවලස් පාලකයො කරන්නෙත් ඒ මැක්සා වැඩේම කියල බොක්කට වැදෙන විදියට පෙන්නල දුන්නට සායාට තැන්ක්ස්!

Baltimora

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...