2022 CHOGM ට සමඟාමීව ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ විදේශ අමාත්‍යවරු අතර හමුවක්

Date:

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ විදේශ අමාත්‍යවරු අතර හමුවක් පැවැත්වේ

රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක  සමුළුවට (CHOGM) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහූටා මැතිනිය අතර ද්විපාර්ශ්වික හමුවක් ජූනි 22 වැනි දින පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව සඳහන් කළ විදේශ  අමාත්‍ය පීරිස් මැතිතුමා ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික ආයතනවලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබඳව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය දැනුම්වත් කළේය. ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය අවශ්‍යතා ආශ්‍රිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමා අවධාරණය කළේය. නවසීලන්තයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් සහය ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමට නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිය එකඟත්වය පළ කළාය.

සැපයුම්දාමය සහ සැපයුම් සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය සහ කෘෂි නිෂ්පාදන පදනම් වූ කර්මාන්ත දියුණු කිරීම සඳහා නවසීලන්තයේ සහය ඉල්ලා සිටියේ ය. කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග උග්‍ර වී ඇති ආකාරය ද අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී පැහැදිලි කළේ ය. 

ජීවනෝපාය සඳහා අධ්‍යාපනය වඩාත් අදාළ වන පරිගණක සහ තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් කෙරෙහි අවධාරණය කරමින්, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ආශ්‍රිතව පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ සාගර සම්පත් සංරක්ෂණය වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන දෙපාර්ශ්වයේ පවත්නා වැදගත්කම සැලකිල්ලට ගනිමින්, සාගර ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. 

නූතන ලෝකය තුළ මානව වර්ගයාගේ යහපත සඳහා කටයුතු කරන බලවේගයක් වන පොදුරාජ්‍ය මණ්ඩලයේ අනාගත ගමන පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනා මෙහිදී සිය අදහස් හුවමාරු කර ගත්හ.

කැරිබියන් කලාපය සමඟ වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ජාත්‍යන්තර සංසද හමුවේ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඩොමිනිකාවේ විදේශ කටයුතු, ජාත්‍යන්තර ව්‍යාපාර සහ ඩයස්පෝරා සබඳතා පිළිබඳ අමාත්‍ය ආචාර්ය කෙනත් මෙල්කොයර් ඩරූ මැතිතුමා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.


විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ


2022 ජූනි 23 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...