මීළඟ ගෑස් නැව පැමිණෙන දිනය ලිට්‍රෝ සභාපති කියයි …

Date:

ජුලි මස 05 වනදාත් 12 වනදාත් අතර කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් අඩංගු නෞකා දෙකක් මෙරටට පැමිණෙනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව එම තොග ලැබුණු සැණින් ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ඉන් ඉදිරියටත් ගෑස් තොග ලැබෙන ආකාරය පැහැදිලි කළ ඒ මහතා,

“10 වනදා – 15 වනදා අතර ඕමානයේ සිට විශාල නෞකාවක් මාලදිවයින් මුහුද දක්වා එනවා. ඒක ටොන් 25000කට වැඩි ධාරිතාවක් සහිත නෞකාවක්. එහි සිට දිගින් දිගටම කුඩා නෞකාවලින් කෙරවලපිටියට ගෑස් ලබාදෙනවා ලංකාවේ ගෑස් අවශ්‍යතාවය සපුරන්න. ඇනවුම් කළ ටොන් ලක්ෂයක් දක්වා ඒ ආකාරයට ලබාදෙනවා” යැයි ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...