කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන්!

0
174

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12 කොළඹ LNW :

අද (12) පෙරවරුවේ , කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

එහිදී, ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිත අතර, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇති බවයි.

ඒ අනුව කඳුකර වතු ප්‍රදේශ වල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂිත, පරිසර හිතකාමී, මූලික පහසුකම් සහිත නිවාස ලබාදීම මෙම වයාපෘතියේ අරමුණ වන අතර මෙම නිවාස ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් ඔස්සේ  ප්‍රතිලාභීන් තෝරා ගෙන ඇති බවද සඳහන් වේ.

ජනපතිවරයා මෙහිදී කියා සිටියේ,

” මෙම මලයගම් ජන ප්‍රජාව විසින් ප්‍රබලතම වැඩ කොටසක් ඉටු කරනවා. ඒ වගේම අවුරුදු 202ක් ඔවුන් මියයමින් ජීවත් වෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඔවුන්ට මූලික වුවමනාවන් සහ සැපවත් ජීවිතක් ලබා දෙන්න. එහිදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔවුන්ට නිවාසයක හිමිකම ලබා දීම රාජ්‍යක වගකීමක්. එමෙන්ම දෙවන කාරණය සාදාරණ වැටුපක් ලබා දීම. දිගු කාලෙක ඉඳන් ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා 1,750ක වැටුපක් ලබා දෙන්න කියන එක. අපි කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා”