රනිල් මොනවද අපේ පැත්තේ කරන්නෙ ? – මහින්දට තදබල ප්‍රශ්නයක් ….

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි මෑත දිනයකදී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග කෙටි කතාබහක නිරත වී තිබිණි.

එහිදී ඒ මහතා ඩලස්ගෙන් එක්වරම විමසා ඇත්තේ “අර රනිල් මොනවද අපේ පැත්තේ ඉඳගෙන කරන්නෙ ? එයා ඉන්න ඕනෙ එහා පැත්තේනෙ …?” යනුවෙනි.

මේ කතාවෙන් ඩලස් අලහප්පෙරුම මහතා මහත් කම්පාවට ලක්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට අමතක වීමේ රෝගය (ඩිමෙන්ෂියා) වැළඳී ඇති බව සිතීමෙනි. ඒ අනුව ඩලස් මේ කතාව තවත් හිටපු ඇමතිවරුන් කිහිපදෙනෙකු සමගම කියා තිබිණි. එසේ කතාව යද්දී එතැනට පැමිණි තවත් හිටපු ඇමතිවරයෙකු මෙය අසා, සිනාසෙමින් කියා ඇත්තේ “ඕවාටත් රැවටෙනවාද ? එයාට කිසිදෙයක් අමතක නෑ, එයා ඔය හොඳ රඟපෑමක් කරන්නේ” යනුවෙනි.

ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ “පොලිටිකල් ඩිමෙන්ෂියා” හෙවත් දේශපාලනිකව අමතක වීමේ රෝගයකි. එය අද ඊයේක සිට නොව 1970 දශකයේ සිටම පවතින්නකි. එසේ අමතක වන්නේ තමන්ගේ වාසියට ය. එහි අග්‍රඵලය වශයෙන් ඒ මහතාට විපක්ෂ නායක, අගමැති තනතුරු හරහා විධායක ජනාධිපති ධුරය දක්වාම පැමිණෙන්නට ද හැකි විය.

ඉහත කී සිදුවීමේදී ද ඒ මහතාට රනිල්ගේ පැත්ත අමතක වී තිබුණේ ඊටම ගැලපෙන පුද්ගලයා ළඟ ය. එනම්, ඩලස් අලහප්පෙරුම මෙය හතර වටේ කියනා බව මහින්ද හොඳාකාරව ම දනී. මීට මාස කිහිපයකට පෙරත් මහින්ද මේ ආකාරයේම විශිෂ්ට රංගනයක නිරත වී තිබුණේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ නිවසේදී ය. එහිදී ඒ මහතා එක්වරම සියල්ලන් ඉදිරියේ පවසා තිබුණේ “මෛත්‍රී කොහෙද ජනාධිපති වුණේ ? එහෙම එකක් වුණේ නෑනෙ” යනුවෙනි. එදාත් මේ ආකාරයෙන්ම කතාව හතරවටේ පැතිරුණු නමුත් ඊටපසුව සිදුවුණු දේශපාලන පෙරළි අතරේ පැහැදිලිවම පෙනුනේ මහින්දට කිසිම ඉහෙන් බහින අමතක වීමේ රෝගයක් නොමැති බවකි.

දැන් දැනුත් එතුමාට යම් යම් දේවල් අමතක වන්නට පටන් ගෙන ඇත්නම් ඒ තවත් දේශපාලන පෙරළියක ලකුණක් වශයෙන් වන්නටත් බැරි නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පක්ෂයට පිටින් ගිය පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති...

සියලුම හිමිකම් ඇවිරිණි: The Virtual Veil නවකතාව එළිදකී!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින්,මානව...

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ?

මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ‍ලේකම්...