උපාලි කොළඹගේ
කොළඹ LNW: හිටපු ජනාධිපති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් කියන අන්දමට ආණ්ඩුවේ පළිගැනීමට ලක්ව සිටින අයවලුන් සඳහා නොමිලයේ නීති ආධාර සැපයීමේ වැඩපිළවෙලක් සකස් කරගෙන යන බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේය. ඒ ගැන කෙටියෙන්ම කිව හැක්කේ වැඩේ හොඳයි ඒත් ගඳයි කියාය. රනිල්ට නීති උපදෙස් හෝ මොන උපදෙස් වත් දීමට සිදුවන්නේ මහින්ද රාජපක්ෂගේ අන්තේවාසික බැටෑලියන් එකටය.
තමන්ගේ පක්ෂයේ මෙම තත්ත්වය ට මුහුුණ දෙන්නේ සුළු පිරිසකි. රනිල් වික්‍රමසිංහ තවමත් දැඩි උත්සාහයක නිරතව සිටින්නේ රාජපක්ෂ පිල බේරා ගැනීමටය. කොටින්ම මහින්ද මහත්තයාටවත් නැති කැක්කුමක් රනිල් තුළ දක්නට ලැබෙයි. අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මාධ්‍ය ප්‍රශ්න කරන විට මහින්ද වචනයෙන් දෙකෙන් පිළිතුරු දී සුපුරුදු ලිස්සා යෑම සිදුකරයි. නමුත් බොහෝ අවස්ථාවල රනිල් නීති තර්ක මගින් සිය බුද්ධි ප්‍රභාවය ගෙන හැරපායි. සමහර විට එතුමා මෙම තත්ත්වයට පත්ව ඇත්තේ තමාට එරෙහිව ක්‍රියාත්මක වූ නඩු කටයුත්ත නිසා විය හැක. නමුත් ඊට මුහුුණ දී ජය ගැනීමට උත්සාහ කරනවා විනා “හොරුත් එක්ක හෙළුවෙන්” රඟ දැක්වීම කිසිසේත් උචිත වන්නේ නැත.
ජනාධිපතිකමේ සිටින විට යන පෞද්ගලික ගමන් පිළිබඳව නීති රෙගුලාසිවල සඳහන් නොවීම නිසා කිසියම් තර්කයක් ඇතත් කන්න බොන්න නැතුව මිනිස්සුන් මහ පාරේ වැටුණ එම අවස්ථාවේ ජනාධිපති සිය පෞද්ගලික ගමනකට ලක්ෂ 166 ක මුදලක් වැය කිරීම සදාචාරාත්මකවනම් කිසිසේත් අනුමත කළ නොහැක . ඒවා කොහොම වුණත් වර්තමානයේ දූෂිතයන් අත්අඩංගුවට ගැනීමට එරෙහි වන්නේ මොන පදනමක් මත දැයි ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය. එක්කෝ රාජපක්ෂ පාලන සමය තුළ කිසිදු හොරකමක්, දූෂණයක් වංචාවක් සිදු වී නැත. එතකොට රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂ පාලන සමයේදී හොරමැරකම් පිළිබඳව ඔවුනට චෝදනා එල්ල කළේ බොරුවටය. රාජපක්ෂලා ඇඟේ දවටා ගෙන සිටින පිරුවටය තරම්ම පිරිසිදුය. නැත්නම් එමගින් කියාපානුයේ රනිල් ලා ජරාජීර්ණ දේශපාලනයේ ප්‍රමාණය කෙතරම් විශාලද කියාය.
රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටුණු අවස්ථාවේ රට ඉන් මුදවා ගැනීමට කළ සේවය අපි අදටත් සිහිපත් කරමු. එම අවස්ථාවේ රාජපක්ෂලා සමඟ සමීපව කටයුුතු කිරීම ඔවුන්ව රැක ගැනීමත් වරදක් වුවත් සමාව දියහැකි වරදකි. ඒ එම අවස්ථාවේ රනිල්ට පාර්ලිමේන්තු බලයක් නොතිබුණ නිසාය. නමුත් වර්තමානය ශ්‍රී ලාංකීය දේශපාලන සන්දර්භය පූර්ණ වෙනසකට බඳුන් වී ඇති අවස්ථාවකි. ප්‍රභූ හා නිර්ප්‍රභූ යනුවෙන් සමාජය ධ්‍රැවීකරනයවූ අවස්ථාවකි. එම අවස්ථා වේ කිසිදු පරීක්ෂාවකින් තොරව මෙසේ කල්ලි ගැසීම ඉතාමත් අසෝබනය. රනිල් වික්‍රමසිංහට ඉස්සර මිස්ට ක්ලීන් කීවද දැන් නම් ඩ්‍රයි ක්ලීන් කරවත් ඔහු වර්තමාන දේශපාලන සන්දර්භයට පෑ හෙන්නේ නැත.
