මහ ගෙදරට ගියාට අල්ලපු ගෙදරට යන්නේ නෑ. UNP – SJB සන්ධානෙට අපි එකතු වෙන්නෙත් නෑ!

Date:

කොළඹ LNW: සමඟි ජන බලවේගය සන්ධානගත වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ විනා අච්චාරුවකට එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

දක්ෂිණාංශික කඳවුර බලයට ගෙන ආ යුතු බවට වන ස්ථාවරයේ පසුවන අතර ඒ වෙනුවෙන් මැදිහත්වීම් සිදුකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”අපේ සන්ධානය හැදෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ විනා වෙනත් දේශපාලන පක්ෂ සමඟ නෙවෙයි. අච්චාරුවට අපි එකතු වෙන්නේ නෑ. අපි ප්‍රේම සබඳතාවක් හදාගෙන තාත්තා අකමැති වුණා අපි ගෙදරින් ගියා. දැන් ඉතින් මහ ගෙදරට එන්න පුළුවන්. අල්ලපු ගෙදරට යන්නේ නෑනේ.”

ඒ අනුව දකුණු කදවුර එකතු විය යුතුය යන ස්ථාවරයේ පසුවන බව හෙතම අවධාරණය කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ එකතුවෙන් ගොඩනගන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොයන බව එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියි.

එම පාර්ශව දෙක වෙන් වෙන්ව සිටයද එකම අදහස්, මතවාද දරන එකම ප්‍රතිපත්තියක පසුවන කණ්ඩායම් දෙකක් වන හෙයින් ඔවුන්ගේ එකතු වීම ස්වභාවික සංසිද්ධියක් බවයි කාරියවසම් මහතා පවසන්නේ.

ඔවුන් අඛණ්ඩව පෙනී සිටියේ නව ලිබරල ආර්ථිකයක් වෙනුවෙන් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි ලෙසම දේශීය වශයෙන් ජාතික අර්තියක් ගොඩනැගිය යුතු බවට වන විශ්වාසයේ පසුවන බවත් රටේ ඒකීයභාවය ගැන නොපැකිලව කතා කරන කණ්ඩායමක් ලෙස දේශපාලනිකව එජාප – සමඟි සන්ධානය සමඟ එකතු නොවන බව හෙතෙම අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම විශ්වාස කරන්නේ රටේ සාරධර්ම,සංස්කෘතිය රැකගෙන ඉදිරියට යා යුතු බව යැයිද ඔහු තවදුරටත් කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...