පකිස්ථාන-ඇෆ්ගනිස්ථාන දේශසීමා ගැටුම් මධ්‍යයේ සංයමයෙන් කටයුතු කරන ලෙස රුසියාව දෙපාර්ශවයෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දින දෙකක් තිස්සේ පකිස්ථාන-ඇෆ්ගනිස්ථාන දේශසීමා අතර මාරාන්තික ගැටුම් ඇතිවීමත් සමඟ සංයමයෙන් කටයුතු කරන ලෙස රුසියාව දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබේ.

තලේබාන් හමුදා පකිස්ථාන හමුදා මුරපොලවල් වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් පකිස්ථාන හමුදා ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර එතැන් සිය දෙපාර්ශ්වය තුවක්කු, කාලතුවක්කු සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු කරගත් අතර දවස පුරා වරින් වර සටන් කර ඇත.

ප්‍රහාර හේතුවෙන් පාකිස්ථාන සොල්දාදුවන් 23 දෙනෙකු හා තලේබාන් සහ අනුබද්ධ සටන්කරුවන් 200 දෙනෙකු මියගිය බවට වාර්තා වන අතර චීනය, ඉරානය, සෞදි අරාබිය සහ කටාර් යන රටවල ද මේ වන විට පකිස්ථාන හා ඇෆ්ගනිස්ථානයෙන් දෙපාර්ශවය අතර ගැටුම් මගහරවා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.

කෙසේ නමුත්, මේ සමබන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ, “සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය බෙහෙවින් අගය කරන නමුත්, ඕනෑම ප්‍රකෝප කිරීමකට නොසැලෙන සහ සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි“.

2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු පාකිස්ථානය හා ඇෆ්ගනිස්තානය අතර සම්බන්ධතා බිඳ වැටි ඇති අතර එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමෙන් පසු රුසියාව ඇෆ්ගනිස්ථානයේ සිය බලපෑම වැඩි කරගැනීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...