කර්ණාටක ප්‍රාන්තයේ කාන්තාවන්ට වැටුප් සහිත නිවාඩු දිනයක්!

Date:

සටහන – පුලී

ඔක්තෝබර් 15, කොළඹ (LNW): ඉකුත් දිනක කර්ණාටක කැබිනට් මණ්ඩලය රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් සඳහා නව ඔසප් නිවාඩු ප්‍රතිපත්තියක් අනුමත කරන ලදී.

ඇඟලුම් ඒකක, බහුජාතික සහ තාක්ෂණ සමාගම් ඇතුළුව මෙම විෂය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් පළමු රාජ්‍යය කර්ණාටක ප්‍රාන්තයයි.

මෙහි දී කාන්තාවන්ට දැන් මාසයකට එක් වරක් වැටුප් සහිත නිවාඩුවක් ඉල්ලා සිටීමට සුදුසුකම් ලැබෙනු ඇත.

මෙම පියවර ගැනීමට මූලික හේතුව ප්‍රාන්ත රජය රැකියා ස්ථානයේ කාන්තා අයිතිවාසිකම් සහ සුභසාධනය උදෙසා වීම විශේෂත්වයකි. මේ පිළිබඳ කිසිදු බියකින් තොරව ඔවුන්ට එය ඉල්ලා සිටිය හැකි බව වැඩි දුරටත් සඳහන්. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ නීතියක් නොමැති වුවද, ප්‍රාන්ත කිහිපයක් සහ පෞද්ගලික සමාගම් කිහිපයක් දැනටමත් එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම රජය රැකියාවේ ගෞරවය සහ යහපැවැත්ම සඳහා කැපවී සිටින බව ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා මේ පිළිබඳ පැවසීය. “2025 ඔසප් නිවාඩු ප්‍රතිපත්තිය හරහා, කර්ණාටක පුරා සිටින කාන්තා සේවිකාවන්ට දැන් සෑම මසකම වැටුප් සහිත නිවාඩු දිනයක් ලැබෙනු ඇත – වඩාත් මානුෂීය, අවබෝධය ඇතුළත් සේවා ස්ථානයක් කරා යන පියවරක්,” ඔහු X හි සටහනක මෙසේ පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...