කොළඹ LNW:රුපියල් මිලියන 60 000ක අලාභයක් සිදුකළ චීන පොහොර නෞකාව පිළිබද පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
දැනට සිදුකරන එම පරීක්ෂණවලින් අනතුරුව වරදකරුවන්ට දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ජාත්‍යන්තර ආහාර දින සැමරුමට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කළ කෘෂි ආහාර දින සැමරුම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී අද (14) පැවැත්විණි. කෘෂී ආහාර තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ ආහාර නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයකින් ද මෙම ආහාර දින සැමරුම සමන්විත විය.
එහිදි අදහස් දැක්වූ ඒ මහතා ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ රට ආර්ථක පරිහානියට පත්විමට හේතු වූ බවත් එම තත්ත්වය වළත්වා පුනරුද ආර්ථික සංවර්ධනයක් කරා රට යොමු කිරීමට රජය කටයුතු කරන බවත් කීවේය.
ඒ අනුව නව කෘෂි තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා කීවේය. අහාර තාක්ෂණය, පර්යේෂණ සහ නවෝත්පාදන යොදා ගැනීම සම්බන්ධ විශේෂඥයන්ගේ අදහස් ලබා ගනිමින් සුහුරු කෘෂි ආර්ථකයක් කරා යොමු කිරීම මෙහි එක් අපේක්ෂාවක් යැයි ද ඒ මහතා කීවේය.
දැනට සිදුකර භෝග නිෂ්පාදනයේදී 30%ක පමණ පසු අස්වනු හානියක් ශ්‍රී ලංකාව තුළ සිදුවන බව කී ඒ මහතා ගෝලීය වශයෙන් වාර්ෂීකව ඩොලර් ට්‍රිලියන 01ක පමණ ආහාර නාස්තියක් සිදුවන බව ද ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙන බව ද කීවේය. ආහාර සම්බන්ධ තොරතුරු අනුව ලොව පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ආහාර හිගය හේතුවෙන් මන්ද පෝෂණය හෝ ආහාර ඌණතාවයෙන් පෙළෙන බව ද ඒ මහතා කීවේය.
කෘෂිකර්මාන්තය මෙරට ආර්ථකයට ලබා දී තිබුනු සෘණ දෙකක දායකත්වය ධණ අගයක් කරා යොමු කිරීමට වත්මන් රජයට හැකි වූ බවත් දැනට 12.5%ක් වන කෘෂි අපනයන ආදායම ඉදිරි වර්ෂයේදී තව දුරටත් ඉහළ නැංවීමට සැලසුම් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා තවදුරටත් පැවසුවේය.
ආහාර නාස්තිය අඩු කරමු යන තේමාව යටතේ නිර්මාණය කරන ලද ප්‍රකාශනය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම එහිදී සිදුවූ අතර එහි
සංස්කාරක ආචාර්යය චන්දි වෙල්ලාල මහත්මිය විසින් එම ග්‍රන්ථය ආරාධිතයන් වෙත පිළිගන්වන ලදි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී.ශ්‍යාමලී මහත්මිය, පළතුරු හා එළවලු අපනයන කරුවන්ගේ සංගමයේ නියෝජිත සමන් දේවගේ මහතා ඇතුලුව නිලධාරීන්, කෘෂි ව්‍යවාසයකයන්, තරුණ ගොවි නියෝජිතයන් ඇතුලු පිරිසක් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර
