අයිස්, කුඩු වලින් නම් ආයේ කාටවත් හම්බකරගන්න ඉඩක් දෙන්නේ නෑ – අධිකරණ ඇමති

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය සැපයුම මෙන්ම ඉල්ලුම නැවත්වීම වෙනුවෙන් වූ විශාල ජාතික වැඩසටහනක් වත්මන් රජය ආරම්භ කරන අතර මත් ද්‍රව්‍ය මඟින් ඉදිරියේදී කිසිවෙකුට හෝ ආදායම් ඉපයීමට ඉඩක් නොදෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනක් අමතමිනි.

”මත්ද්‍රව්‍ය සැපයුම සහ ඉල්ලුම දෙකම නවත්වන්න අවශ්‍ය ජාතික විශාල වැඩපිළිවෙලක් මේ ඔක්තෝබර් අග ආරම්භ වෙනවා. මට බන්ධනාගාරවල තියෙන ඉඩ පහසුකම් වැඩි කරන්න වෙන තත්ත්වයකුත් එනවා. අනික් පැත්තෙන් ඔබලාට රාජකාරී බහුල වෙන කාලයක් ඉදිරියේදී එනවා. මොකද අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි මත්ද්‍රව්‍ය ගන්න කෙනා වින්දිතයෙක් ඔහුව නැවත පුනරුත්ථාපනය කරගත යුතුයි. අපි අමාත්‍යාංශය වශයෙන් පුනරුත්ථාපන කාර්යාංශය වශයෙන් සැපයුම නවත්වගන්න එක වෙනත් තැන්වලින් කරගෙන යනවා. ඉල්ලුම නැතිකරන්නේ කොහොමද? මුළු රටම වෙලා ගෙන තියෙන මේ ප්‍රශ්නය විසඳ ගත්තේ නැත්නම් කිසිකෙනෙක්ට මේ රටේ ඉන්න වෙන්නේ නෑ. මම එක සහතිකයක් දෙන්නම් අපි ජාතික ජන බලවේගය රජය මේ රටට කුඩු ගේන එකනම්, අයිස් ගේන එකනම් නවත්වනාවමයි. එක්කෙනෙක්ටවත් මේ වැඩේ කරලා නම් හම්බ කරන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...