සමහරු බැහැයි කියපුවා කරලා පෙන්වල තියෙන්නේ. මත්ද්‍රව්‍ය අවසන් වෙනකම් අල්ලනවා – නියෝජ්‍ය ඇමති වටගල

Date:

කොළඹ LNW: මත්ද්‍රව්‍ය රට තුළ නැති වෙනතුරු අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා අද (16) කොළඹදී මාධ්‍ය හමුවේ පැවසුවේය.

එම ජාවාරම් පසුපස දේශපාලන සම්බන්ධකම් ඇත්ද යන්න පිළිබඳවද සොයාබැලීම් සිදුකරන අතර නම් පිටින් හෙළිදරව් වනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සොයාගැනීම කවුරුත් බලාපොරොත්තු වූ දෙයක් වූ නමුත් ඇතැමුන් පැවසුවේ එය කළ නොහැක්කක් බවට වුවත් එම අභියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ උතුර අපරාධ කොට්ඨාසය ඇතුළු සමස්ත පොලීසියේ මැදිහත්වීමෙන් ජයගෙන තිබෙන බවද වටගල මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඔවුන්ගේ පාපොචරණයන් අනුව තවත් පිරිස් සම්බන්ධයෙන් හෙළිදරව් කරගත හැකි බවත් අදාළ නිශ්චිත නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යන බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...