රාජපක්ෂ කඳවුර රටේ දේපල කොල්ල කෑවා විතරක් නෙවෙයි අපරාධ කල්ලිත් නඩත්තු කරලා. අහුවෙන තරමක් අහුවෙන්නේ පොහොට්ටුවට සම්බන්ධ අය – මන්ත්‍රී සුරවීර

Date:

කොළඹ LNW:මේ දිනවල පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලදී අත්ඩංගුවට ගන්නා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය.

මහරග නගරසභාව විසින් ඊයේ (17) පවත්වන්ට යෙදුන ප්‍රතිභා ප්‍රණාම සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය කාලේ රාජපක්ෂ කඳවුරට තිබුණේ මේ රටේ කෝටි ප්‍රකෝටි ගණන් දේපල මංකොල්ල කෑ බවට වූ චෝදනාව වුවද මේ වන විට එය සංවිධානාත්මක අපරාධ කල්ලි නඩත්තු කිරීම දක්වා ගොස් ඇති බවට අනාවරණය වෙමින් පවතින බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”මේ වෙනකොට අත්අඩංගුවට ගන්න සංවිධානාත්මක අපරාධකරුවෝ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලබා දෙන තොරතුරු වලින් ඔප්පු වෙමින් තියෙනවා රාජපක්ෂ කදවුර සංවිධානාත්මක අපරාධ කල්හි නඩත්තු කළ බවටත් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවටත්. ඒ නිසා තමයි සිහින දකින නාමල් කුමාරයා ඇතුළු අය මේ රජයට ප්‍රහාර එල්ල කරන්නෙ. එයා කලබල වෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. එයාලා චෝදනා කළා කියලා අපි මේ මත්ද්‍රව්‍යය විනාශ කරන වැඩේ නවත්තන්නේ නෑ. අපි බලයට පත්වෙන්න කලින් ජනතාවට පොරොන්දුවක් දුන්නා පාතාලය, මත්ද්‍රව්‍ය සහමුලින් නැති කරනවා කියලා. අන්න ඒ දුන්න ප්‍රතිඥාව තමයි මේ ඉටුකරන්නේ. විපක්ෂයේ චෝදනා අපිට වැඩක් නෑ.

මේ මත් ද්‍රව්‍ය විනාශ කරන්නත් ඒවාට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගන්නත් ලබන 30 දා අපි දැවැන්ත වැඩ පිළිවෙලක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් ආරම්භ කරනවා. එය ග්‍රාමීය මට්ටමින් ආසන මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් දියත් කරන්නයි සූදානම් කරලා තියෙන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා යන ගමන සාර්ථකයි කියලා විපක්ෂයට තේරෙනවා. ඒකයි මේ රජය බොරු කියනවා විපක්ෂය ඇත්ත කියනවා කියලා ජනතාවට ඒත්තු ගන්වන්න හදන්නේ. ඔවුන්ට තියෙන්නේ ජාතික ජන බලවේගය පිළිබඳව කුහකකමක්. ඒ අනුව බලද්දි හරි දේ හරි ලෙස දකින වැරදි දේ වැරදි ලෙස දකින විපක්ෂයක් අදමේ රටේ නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...