සංචාරක කර්මාන්තයේ පැහැදිලි වෙනසක් – 2018 වාර්තාව බිඳ හෙළිය හැකිවේද?

Date:

කොළඹ LNW: 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 396,274ක් බව සඳහන්.

මේ අතර එක්සත් රාජධානිය (167,886), රුසියාව (125,950), ජර්මනිය (111,677) සහ චීනය (108,040) යන රටවලින් ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පැමිණ ඇති අතර ප්‍රංශය (90,250), ඔස්ට්‍රේලියාව (81,040), නෙදර්ලන්තය (53,922) හා අමෙරිකාව (50,027) යන රටවලින්ද පනස්දහස ඉක්ම වූ සංචාරකයන් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

ඉතාලිය (39,932), කැනඩාව (37,606), ස්පාඤ්ඤය (36,430), පෝලන්තය (36,389) යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයන් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

පසුගිය වසරේ දී සංචාරකයින් 2,053,465ක් මෙරටට පැමිණ තිබේ.

මෑත ඉතිහසය තුළ මෙරටට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණියේ 2018 වසරේ වන අතර එය 2,333,796ක් ලෙස වාර්තා වී තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...