ගෝල්ෆේස් අරගලයේ උපත පැවත සහ මේ මොහොත …

Date:

යම්කිසි අරගලයක් සාමකාමීද ප්‍රචන්ඩද යන්න තීරණය වනුයේ එකී අරගලයට සහබාගී වන සමාජ පන්තිය කුමක්ද යන්න කියන කාරනාව මතය.

මෙහිදී ගෝල්ෆේස් අරගලය ආරම්බ කලේ කිසිදු දේශපාලන පාටියකට අයත් නොවූ දියුණු මධ්‍යම පාන්තික කන්ඩායමක් විසිනි.ඔවුන් නිර්පාක්ෂික සේම නිර් ප්‍රචන්ඩද විය.

එක් මොහොතක ඔවුන් ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ පියස්ස මතට ලේසර් කිරණ යොදා “එක්සත් ශ්‍රී ලංකාවක්” යන පාඨය සිතුවම් කලේය. මෙතෙක් කල් වමේ බලවේග වලට අත හරින්ට බැරිව දිගටම එල්ලිලා හිටපු අන් ජනවර්ග මත බලෙන් පටවා තිබූ ඒකීය ලංකාව ඔවුන් විසින් කසළ බක්කියට දමන ලදී.

ගෝල්ෆේස් අරගල බූමිය තුලදී කාන්තාවන් බඩ වෙනු ඇතිබවටද එහි උපත් පාලන කොපු තිබූ බවටද හනමිටි සදාචාරවාදීන් නැගූ චෝදනාවට උපත් පාලන කොපු තිබේ නම් ප්‍රශ්නයක් නැති බවත් දරුවන් බිහිවන්නේ නැතිබවත් එහි සිටි කාන්තාවක් එඩිතරව පිළිතුරු දුනි. ඒ පිළිතුරේ අඩංගුව නම් මෙතෙක් පැවති වැඩවසම් ගෝත්‍ර හැදියාවන් මේ අරගල පරපුර ප්‍රතික්ශේප කරන බවය. බොහෝ විට වමේ බලවේගවල සිටින කාන්තාවන් එවන් චෝදනාවක් හමුවෙ ඔවුන්ගේ හැදියාව වෙනුවෙන් උත්තර බඳිනවා මිස මෙවන් රැඩිකල් උත්තරක් දීමට යන්නේ නැත.

මේ අරගල කරුවන් යුද්ධයේදී ම්ලේච්ඡ ලෙස මරා දැමුණු ඉසිප්‍රියාගේ සිතුවමද අරගල බූමියට රැගෙන ආවේය. මෙතෙක් ඉසිප්‍රියාලට, සිවරාම්ලට යුක්තිය ඉල්ලා අරගල කිරීමට වම අපොහොසත්ව තිබින. විශේෂයෙන් ඉසිප්‍රියා එල්.ටී.ටී.ඊ.සාමාජිකාවක් වීම නිසා ඇගේ කෲර ඉරණම සාධාරනීකරනය කර තිබින..සියල්ල රණවිරු ගායෙන් සහ ඒකීය රාජ්‍ය ගායෙන් වැසී තිබින.

මේ සියල්ල සලකා බැලූ විට පෙනී යන්නේ ගෝල්ෆේස් අරගලය ආරම්බ කල පරම්පරාව යම් පමනකට හෝ ලෝකය කියවාගත් වමේ ගතානුගතිකත්වයන් අතික්‍රමනය කල පිරිසක් බවය.

මේ මධ්‍යම පාන්තික අරගල කරුවන් කලේ මරාගෙන මැරෙන විමුක්ති සටනක් නොවේ. ඔවුන් කලේ පහසු ජීවතයක් ගතකිරීම සඳහා ඇවසි අවම කොන්දේසි ඉල්ලා කල අරගලයකි. එය නර්තනයෙන් සංගීතයෙන් සිතුවමෙන් සාහිත්‍යයෙන් කල අරගලයකි.

කෙසේ උවත් මේ සටන් කරුවන් ක්‍රමක් ක්‍රමයෙන් අරගල බිම අත් හැර දැමීය …

හේතුව අරගලයේ මධ්‍යම පාන්තික බූමිකාව හමාරවී තිබීමද විය හැකිය.

වමේ බලවේග විසින් මේ මධ්‍යම පාන්තික අරගල කරුවන් තම දජය යටතට ගැනීමට උත්සාහ දැරුවේය. කෙසේ උවත් වියයුතු පරිද්දෙන්ම එය අසාර්ථක විය.

හේතුව මේ මධ්‍යම පාන්තික අරගල කරුවන් වමේ පරන බොල්ෂෙවික් සූත්‍රවලට එකඟ නොවීමයි. අනික් පැත්තෙන් පරිබෝජනවාදී නිදහස් සංස්කෘතියක සිටි මේ මධ්‍යම පන්තිය වමේ අල්පේච්ච අත්‍තකිලමතානු යෝගය සහ නියෝග දේශපාලනය ප්‍රතික්ශේප කීරීම මෙයට හේතුවයි.

අනිත් කාරනාව ශරීරයේ කෑලි කෑලි කපා දැමෙන මගදිගට ලෙ හලන සටන් වලට කුඩා දරුවන්පවා උරයේ දරාගෙන එන මධ්‍යම පන්තිය කැමති නැත. කෙසේ හෝ දැන් ගෝල්ෆේස් අරගලයේ ආරම්බයක නිර්මාණශීලී මධ්‍යම පන්තිය දැන් එහි නැත.

වේයන් සෑදූ තුඹසට නයි රිංගාගත්තා වැනි දෙයක් සිදුවී ඇත.

මුල් අරගල කරුවන් විසින් ප්‍රතික්ශේප කල පාක්ෂික අරගලකරුවන්‍ පොඩි පිරිසක් අරගල බිමට රිංගාගෙන මියගිය ගෝල්ෆේස් අරගලයට හුලං ගසමින් සහ පක්ෂවල දේශපාලන ඇජෙන්ඩාවන් ක්‍රියාත්මක කරමින් සිටී.

දැන් එය රට වෙනුවෙන් දිවි කැපකරන මල් පිදිය යුතු ජාතික වීරයන්ගේ අරගලයක් ලෙසින් හඳුන්වා දෙමින් සිටී.

අරගලයට නොපැමිනෙන ජනතාවට සුපුරුදු පරිදි දෙස් දෙවොල් තබයි..

ඇත්තෙන්ම ගෝල්ෆේස් අරගලය මියගිය සටන් බිමකි…

ඊළඟ සටන් බිම ඇවිල යන්නේ ඊට පිටින් රට පුරා පැතිරුන අවවරප්‍රසාදිත පන්තියේ චන්ඩ ලුම්පන් මාරුතයක් ලෙසිනි. බොහෝවිට එහි පෙ‍රමුණ ගැනීමට වමේ බලවේග කුඩා වැඩි විය හැකිය ….

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...