සෘජු විදේශ ආයෝජනවල කැපී පෙනෙන වෙනසක්! 2024ට සාපේක්ෂව 138%ක වර්ධනයක්!

Date:

කොළඹ LNW: මෙම වසරේ ගෙවුණු මාස 09 තුළ ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන, විදේශ වාණිජ ණය ඇතුළුව ඇ.ඩො. මිලියන 827ක් දක්වා ළඟා වී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය පසුගිය වසරේ මෙම කාලපරිච්ජේදය සමඟ සසඳන විට 138%ක වර්ධනයක් බවයි ආයෝජන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

මෙම ආයෝජන ගලා ඒම මූලාශ්‍ර හතරකින් සිදු වන අතර එය කොටස් ප්‍රාග්ධන ඇ.ඩො.මිලියන 133,නැවත ආයෝජනය කරන ලද රඳවා ගත් ඉපයීම් ඇ.ඩො. මිලියන 132,ආයෝජනය සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් ඇ. ඩො. මිලියන 231, ආයෝජන සඳහා දිගුකාලීන විදේශ වාණිජ ණය ඇ.ඩො. මිලියන 331ක් ලෙස දැක්වෙයි.

මෙම සෘජු විදේශ ආයෝජන ලැබීම් 2025 වසරේදී යෝජනා මණ්ඩලය සමඟ අත්සන අකරණ ලද ව්‍යාපෘති ගිවිසුම හරහා ඇ. ඩො. මිලියන 124ක් අත්පත්කරගෙන ඇති අතර ඉතිරිය පවතින ව්‍යාපෘති විසින් නැවත ආයෝජන කිරීම් සහ පුළුල් කිරීම් මඟින් අත්පත්කරගෙන තිබේ

මෙම ප්‍රගතිය විසින් නව ආයෝජනකයින්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් යටතේ මෙහෙයුම් පුළුල් කිරීමට පවතින ආයෝජකයින්ගේ අඛන්ඩ කැපවීම යන කරුණු දෙකම පෙන්නුම් කරන්නක් බවද ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම 2025 පළමු මාස 09 තුළ යෝජනා මණ්ඩල ව්‍යාපෘති 163කින් ඇ.ඩො. මිලියන 326ක දේශීය ආයෝජනයක්ද සිදුකර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...