මොකක්ද මේ චීනයේ පූර්ණ සැසිවාර ක්‍රමවේදය?

Date:

කොළඹ LNW: චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය ඊයේ(20) ආරම්භ විය. එය ලබන 23 වන දා දක්වා බෙයිජිං නගරයේ දී පැවැත්වීමට නියමිතයි. ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා වන 15 වන පස්අවුරුදු සැලසුම් සම්පාදනය වෙත එහිදී විශේෂ අවධානයක් යොමු වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික නියෝජිතයන්ගේ සම්මේලනය, හෙවත් ජාතික කොංග්‍රසය වසර 5කට වරක් පැවැත්වේ. මේ සඳහා සෑම මධ්‍යම කාරක සභාවක් ම සිය වසර 5ක සේවා කාලය තුළ පූර්ණ සැසිවාර 7ක් පැවැත්වීම සිරිතකි. රටේ සංවර්ධනයේ ක්‍රියාමාර්ග සම්පාදනය කිරීම එහිදී සිදු කෙරෙන ප්‍රධාන කාර්යයක් වේ.

ඒ අතරින්, පක්ෂයේ ජාතික නියෝජිතයන්ගේ සම්මේලනයෙන් පසුව පැවැත්වෙන පළමු වැනි පූර්ණ සැසිවාරයේ දී නව මධ්‍යම කාරක සභාවේ නායක මණ්ඩලය තෝරා ගැනීම සිදුවෙයි. දෙවන පූර්ණ සැසිවාරයේ දී, චීන ජාතික මහජන කොංග්‍රසය, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව සහ වෙනත් රාජ්‍ය ආයතන වල නායක මණ්ඩල තෝරා ගැනේ. තුන්වන පූර්ණ සැසිවාරයේ දී, රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය වෙත අවධානයට යොමු වේ. චීන කොමියුනිස්ට් පක්ෂය නිසි ලෙස ගොඩනැංවීම තහවුරු කරමින් රටේ පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම සිව්වන පූර්ණ සැසිවාර‍යේදී අවධානය‍ට ලක්කෙරෙන අතර, ඉදිරි වසර 5ට අදාළ සංවර්ධන දිශානතිය සැලසුම් කිරීම පස්වන පූර්ණ සැසිවාරයේ ප්‍රධාන න්‍යාය පත්‍රයයි.

එමෙන් ම, හයවන පූර්ණ සැසිවාරයේ දී ද චීන කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ ප්‍රධාන කරුණු වෙත අවධානය යොමු වන අතර, පක්ෂයේ මීළඟ ජාතික නියෝජිතයන්ගේ සම්මේලනය සඳහා පූර්ව කටයුතු සූදානම් කිරීම හත්වන පූර්ණ සැසිවාරයේ දී සිදු කෙරේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...