නව අධ්‍යක්ෂකවරුන්ට පත්වීම් ලිපි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21 කොළඹ LNW :

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ආයතන හතර සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍යංශයේදී සිදු කර ඇත.

ඒ අනුව, ජාතික පද්ධති පාලන (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන පෙරේරා මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලුත්ගේ, යූ.ඩී. නෙරංජිත් යන මහත්වරුන්ද, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස පී.එන්.එස්. කුමාරතුංග මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ, එන්.එන්. වෙත්තසිංහ යන මහත්වරුන්ද, විදුලි ජනන ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි යන මහත්වරුන්ද, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආර්.රෝහිත ජයරත්න මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී. ඒකනායක, සී.කේ. රණතුංග යන මහත්වරුන් හට පත්වීම් ලිපි ලබා දුන් බව සඳහන් වේ.

මෙම ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් ලෙස කැපවී කටයුතු කළ යුතු බවත්, රටේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය ඒ මත රඳා පවතින බවත් ප්‍රකාශ කරමින්, රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව මෙම ආයතන ඉදිරියට ගෙන යා යුතු බවද මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.

තවද, මෙම පත්වීම් ලිපි ලබා දීම හා සමගාමීව අධ්‍යක්ෂවරුන්ට අදාල දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද බලශක්ති අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද සහභාගී වෙමින් අවශ්‍ය මග පෙන්වීම හා මූලික දැනුවත් කිරීම් සිදුකරමින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

ආයෙත් ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුවට ප්‍රමෝදය වික්‍රමසිංහ පැමිණෙන...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...