අයිස්ලන්තයෙන් ප්‍රථම වරට මදුරුවන් සොයා ගැනේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අයිස්ලන්තය උණුසුම් වෙමින් පවතීම හේතුවෙන් ප්‍රථම වරට ඉන් මදුරුවන් සොයාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ මාසය වන තෙක් ඇන්ටාක්ටිකාවට අමතරව මදුරු ගහනයක් නොමැති ලෝකයේ ස්ථානවලින් එකක් වූයේ මෙම අයිස්ලන්තයයි.

කෙසේ නමුත්, අයිස්ලන්තයේ වගුරු බිම් සහ පොකුණු වැනි බහුල අභිජනන වාසස්ථාන පැවතීම හේතුවෙන් විද්‍යාඥයින් කාලයක් තිස්සේ මදුරුගහනයක් ඇතිවිය හැකි බවට පුරෝකථන ඉදිරිපත් කර තිබිණි.

ග්‍රහලෝකය උණුසුම් වන විට, ලොව පුරා තවත් මදුරු විශේෂ සොයාගෙන ඇති අතර එක්සත් රාජධානියේ, ඊජිප්තු මදුරුවාගේ (ඒඩිස් ඊජිප්ටි) බිත්තර මෙම වසරේ සොයා ගන්නා ලද අතර, ආසියානු කොටි මදුරුවා (ඒඩිස් ඇල්බොපික්ටස්) කෙන්ට් හිදී සොයාගෙන තිබේ. මේවා ඩෙංගු, චිකුන්ගුන්යා සහ සිකා වෛරසය වැනි නිවර්තන රෝග පැතිරවිය හැකි ආක්‍රමණශීලී විශේෂ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තාගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...