බහරේනයේදී බිච් වොලිබෝල් බාලකයන්ගෙන් දස්කම්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 22,  කොළඹ LNW:

බහරේනයේ පැවත්වෙන ආසියාතික යොවුන් ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන බාලක වෙරළ වොලිබෝල් කණ්ඩායම 21 වන දින ජයග්‍රාහීව නිමා කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකාව නියෝජනය කරන දිදුල මහිම සහ කුසල් දුල්මිණ තමන් සහභාගි වූ තරග දෙකම ජය ගන්නට සමත් වුණා.


එම තරග දෙකේදීම මේ ක්‍රීඩකයින් දෙදෙනා ජයග්‍රහණය වෙනුවෙන් අධිස්ඨාන පූර්වකව දැඩි ආත්ම විශ්වාසයෙන් තරග කිරීම කැපී පෙණුනා.මාල දිවයිනට සහ කටාර්වලට එරෙහිව ලබා ගත් එම ජයග්‍රහණ වාර්තා කිරිම සඳහා දිදුලට සහ කුසල්ට වට තුන දක්වාම ක්‍රීඩා කරන්නට සිඳු වූ අතර තීරණාත්මක තෙවන වටයේදී මුලින්ම ලකුණු 15 ට ළඟා වෙමින් ප්‍රතිවාදියා අභිබවා යන්නට ඔවුන් කායිකව ශක්තිමත්ව සිටි අතර මනසින් ද දැඩි විශ්වාසයකින් කටයුතු කළා.


මාල දිවයින තරගයේදී ලකුණු පූවරුව දැක් වුණේ 21 – 15,12 -21 සහ 15 – 7 ක් ලෙසයි.ඊට වඩා තරගකාරීත්වයක් ඇති වූ කටාර් තරගයේදී ශ්‍රී ලංකාව පළමු වටයේ දී ලකුණු 21 – 18 ක් ලෙස ජය ගත්තද,දෙවන වටයේදී කටාරය ජය ගත්තේ 21 – 8 ක් ලෙස ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරමින්.එහෙත් තෙවන වටයේදී යළි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව ලකුණු 15 – 12 ක් ලෙස එම තරග වටය ජය ගැනීමට සමත් වුණා.


කබඩි තරග සඳහා ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා බාලක කණ්ඩායම තායිලන්තය පරාජය කරමින් ලකුණු 50 – 49 ක් ලෙස ජය ගැනීමට සමත් වුණත්,පකිස්තානය ඉිරියේ පරාජයට පත් වුණේ ලකුණු 55 – 36 ක් ලෙසයි.බාලිකා කණ්ඩායම බංගලාදේශය සමග පැවති තරගය ලකුණු 47 – 40 ක් ලෙස පරාජයට පත් වුණා.අද ශ්‍රී ලංකා බාලක කබඩි කණ්ඩායම ඉරානය සමඟ තරග වදින්නට නියමිතව තිබෙනව.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...