එක්සත් ජනපදය රුසියානු තෙල් සඳහා නව සම්බාධක පනවයි

0
214

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(21)දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා නව සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් සඳහා එක්සත් ජනපදය සම්බාධක පැනවීම, රුසියානු නැව් අසාදු ලේඛනගත කිරීම, රොස්නෙෆ්ට් සහ ගැස්ප්‍රොම් නෙෆ්ට් සමඟ මූල්‍ය ගනුදෙනු තහනම් කිරීම මේ යටතේ සිදුවනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනවාරි මාසයේදී දෙවන වරට ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු රුසියාවට එරෙහිව පළමු සම්බාධක පැනවූ අතර රුසියානු යුද යන්ත්‍රයට අරමුදල් සපයන තෙල් අලෙවියෙන් ලැබෙන ප්‍රධාන ආදායම් කපා හැරීම ඉලක්ක කර ගන්නා ලදී.

රුසියාවෙන් තෙල් ආනයනය කරන ඉන්දියාව වෙනුවෙන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් අමතර 25%ක තීරුබදු පනවා තිබු අතර මේ අනුව යමින් බ්‍රිතාන්‍ය රජය පසුගිය සතියේ රොස්නෙෆ්ට් සහ ලුකොයිල් සඳහා සම්බාධක පනවා තිබිණි.

මේ සමබන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනයක් සඳහන් කර තිබුණේ, යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටි බවත්, මෙම අඥාන යුද්ධය අවසන් කිරීමට ජනාධිපති පුටින් ප්‍රතික්ෂේප කිරීම සැලකිල්ලට ගෙන, ක්‍රෙම්ලිනයේ යුද යන්ත්‍රයට අරමුදල් සපයන රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට භාණ්ඩාගාරය සම්බාධක පනවා ඇති බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බවත්ය.