ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ සභාපති වෙන්න. එකතුවෙලා සභාව හදලා අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා ඒගොල්ලො – ඇමති TB

මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ ? නෑ නේද ? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ …. රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා පොඩි පොඩි. දැන් අපේ සහයෝගයක් නැහැනෙ කාටවත්, එතකොට දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා. ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද ? ඔය සමහර නායකයො අද එක එක දේශපාලන පක්ෂවලින් මහජන මන්ත්‍රීවරු වුණාට ඒගොල්ලො IRCකාරයො. අපරාධකාරයො සභාපතිවරු වෙලා. ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ සභාපතිවරු වෙන්න. එකතුවෙලා හදලා අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා ඒගොල්ලො”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...