මිදිගම ලසා ඝාතනයේ සැකකරුවන් දවස් තුනෙන් ඇල්ලුවා. අනිත් සභාපතිලාට ප්‍රශ්නයක් නෑ – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල සම්බන්ධතා ඇති අයට හැර වෙනත් කිසිවෙකුට ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“මිදිගම ලසාගෙ ඝාතනයෙන් දවස් තුනකට විතර පසුව මේ වෙනකොට අදාළ සැකකරුවන් අත් අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ වැරදිකරුවන් පිටුපස ඉන්න දේශපාලනඥයින් කවුද කියන එකත් හෙළිදරව් වේවි. ඒ අය තමයි මේ වැඩිපුර කලබලයට පත්වෙලා තිබෙන්නෙ”

ප්‍රශ්නය – රාජ්‍ය ආයතනයක් ඇතුළටම ඇවිල්ලා තමයි මේ වෙඩිතිබ්බෙ ?

“සජබ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඉන්නවා 35ක්, මිදිගම ලසාත් ඇතුළුව. දැන් මේ අනිත් 34ට හරි, එහෙම නැතිව අපි පාලනය කරන ආයතනවල සභාපතිවරුන්ට හරි අනෙකුත් පක්ෂ පාලනය කරන ආයතනවල සභාපතිවරුන්ට හරි මෙහෙම ප්‍රශ්නයක් මතුවෙලා නෑ. මහජන නියෝජිතයින්ට මේ විදියට වෙඩිතියලා මරලා දාන එකක් රටේ දකින්න නෑ. ඉතින් එවැනි සබඳතා තියෙන අයට තර්ජන එනවා, ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න එනවා, එහෙම නැතිව අපි හිතන්නෙ නෑ වෙන කිසිවෙකුට එහෙම ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා කියලා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...